slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
දකුණු අප්‍රිකාවට යන ටෙස්ට් කණ්ඩායම නම් කරයි

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් කණ්ඩායමක් නම් කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නම් කරන ලද කණ්ඩායමට කලකට  පසුව වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියව එක් කර තිබේ. ඇඹුල්දෙණිය කණ්ඩායමට පැමිණ සිටින්නේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියද සංචිතයේ සිටියදී වීම විශේෂත්වයක් වේ. ඒ අනුව ඇඹුල්දෙණිය ටෙස්ට් කණ්ඩායමකට පිවිස සිටින්නේ වසර දෙකහමාරකට අධික කාලයකින් පසුව වේ.

මේ අතර නම් කරන ලද කණ්ඩායමට මෑත කාලයේ ටෙස්ට් සංචිතයේ සිටි ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්කට සහ රමේෂ් මෙන්ඩිස්ට  සිය ස්ථාන අහිමිව තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මසදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් කණ්ඩායමට එක්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකු මේ වන විටත් දකුණු අප්‍රිකාව බලා ගොස්ව සිටින අතර ඉතිරි ක්‍රීඩකයන් 7 දෙනා මේ මස 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑඹට නියමිතය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 27 වැනිදා ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය දෙසැම්බර් 05 වැනිදා ශාන්ත ජෝර්ජ්පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, කසුන් රජිත.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar