slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
දඹුල්ලට යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ අද සමත් වූහ.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල හා දඹුල්ල අතර තරගයේදී කාසියෙ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 93ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළහ.

ගාල්ල ඉනිම කඩා බිදහෙලූ ප්‍රමෝද් ප්‍රභාෂ ලකුණු 18කට කඩුලු 5ක් හා යුමාල් එගොඩගේ ලකුණු 13කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූහ‍. ගාල්ල ඉනිමේ කඩුලු 6ක් ලකුණු 37කට බිද වැටී තිබියදී එක්වූ
සඳරු මල්ෂාන් හා මනිත රාජපක්ෂ පන්දු 110කදී ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වීම කැපී පෙණුනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 94ක ඉලක්කය හඹාගිය දඹුල්ල පිලේ අකේන් සුජායන පන්දු 55කදී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූවේය. දඹුල්ලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ හිරුක් අකලංක ලකුණු 31කට කඩුලු 5ක් බිඳහෙලීමට සමත් වූවේය.

ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 93 (ඕවර් 37.5)
රවීන් සචින්ත 10, සඳරු මල්ෂාන් 34, මනිත රාජපක්ෂ 16 ( චමෝද් ප්‍රභාෂ 18/5, යුමාල් එගොඩගේ 13/4, මහේෂ ඉඳුරංග 8/1)

දඹුල්ල පිල කඩුලු 7ක් දැවී ලකුණු 94 (ඕවර් 26.2)
අකේන් සුජායන 39, රන්දු කරුණාරත්න 10, චමෝද් ප්‍රභාෂ නොදැවී 12, කලිඳු සචින්තන 10, අතිරේක 12 (හිරුක් අකලංක 31/5, තරුන් වනසිංහ 15/1, මනිත රාජපක්ෂ 5/1)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee