slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2024
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි

sinhala editor

නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනාම නම් කිරීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් නොවැම්බර් මස 13 වැනිදා සිට ආරම්භ වන දෙරට අතර එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කුසල් පෙරේරා එක්දින කණ්ඩායමට පැමිණෙන්නේ හරියකට වසරකට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වතාවට ඔහු එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ නොවැම්බර් 09 වැනිදා නවසීලන්ත පිලට එරෙහිව බෙංගලාරුහි පැවැති එක්දින තරගය වේ.

නොවැම්බර් මස 9 සහ 10 වැනිදා යන දෙදිනෙන් අනතුරුව නොවැම්බර් 13 වැනිදා පළමු එක්දින තරගය පැවැත්වෙන අතර අනතුරුව 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන තරග 2 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 17 සහ 19 යන දෙදිනදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම ඊයේ (05 දා) සහ අද (06) දා කාණ්ඩ දෙකක් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චමිදු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, ජනිත් ලියනගේ, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, නිශාන් මදුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සි, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ඩිල්ෂාන් මදුෂංක, මහීෂ් තීක්ෂණ.

අතිරේක – එෂාන් මාලිංග, ළහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, පවන් රත්නායකගේ.

Active filters

Recent Posts

  • ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති
    ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු […]
  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee