පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් වශයෙන් මෙරටට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමේ ඊළඟ පිරිස හෙට (06) පැමිණීමට නියමිතව තිබේ.
වමත් දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම සාමාජිකයින් 15 දෙනෙකුගෙන්සමන්විත වෙති. පළමුවෙන්ම පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරග 2 රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 09 සහ 10 යන දෙදින පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙනු ඇත.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අනතුරුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි තරග නොවැම්බර් 17 සහ 19 යන දින වලදී පැවැත්වෙනු ඇත.