slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
මහනුවරට ලකුණු 14ක ජයක්

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ අද සමත් වූහ.

වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර – ‍කොළඹ උතුර තරගය අවසන් මොහොත දක්වා උණුසුම් ස්වරූපයක් ගත් අතර, මහනුවර පිල ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට සමත් වු‍වේය.

මිනුක දිම්සර හා අබ්දුල් රෙහෙමාන් ජයග්‍රහණය සෙවීමට විශාල වෙහෙසක් ගත් අතර, අවසන් කඩුල්ලට පන්දු 53කදී ලකුණු 19ක සබඳතාවක් ගොඩනැගුවද සනිතු ගුණතිලකගේ පන්දුවක් හමු‍වේ මිනුක දිම්සර ලකුණු 16කට දැවී යෑමෙන් ඉනිම නිමාවට පත් විය. මහනුවර පිල ජය මාවතට යොමු කළ සනිතු ගුණතිලක, විහංග නෙත්සර හා කුසල් බණ්ඩාර කඩුලු 3 බැගින් බිඳහෙලීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල කඩුලු 9කට ලකුණු 147ක් ලබාගත් අතර, කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තේය. කොළඹ උතුර පිලේ ආරම්භක පිතිකරු බිනෝද් සන්දිල් පන්දු 63කදී හ‍ේ පහර 4ක් හා හත‍ේ පහර 3ක් සමඟ ලකුණු 67ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

තරගාවලියේ තෙවැනි දිනයේ තරග අනිද්දා (24) මහනුවර – කොළඹ දකුණ අතර කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී හා දඹුල්ල – ගාල්ල අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මහනුවර පිල කඩුලු 9කට ලකුණු 147 (ඕවර් 50)
චනුත් ජයසිංහාරච්චි 12, සනිතු ගුණතිලක 15, සිසිල් හේමක 10, යෙනුල හේවාවිතාරණ 50, අති‍රේක 28 (ෂම්මා ‍ජොනතන් 28/4, අබ්දූල් රහ්මාන් 12/2, ශානුක ජයවර්ධන37/1, සසිඳු සිල්වා 6/1 )

කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 133 (ඕවර් 35.1)
බිනෝද් සන්දිල් 67, මිනුක දිම්සර 16, අති‍රේක 23 (සහාන් විමුක්ති 20/1, සනිතු ගුණතිලක 17/3, විහංග නෙත්සර 27/3, කුසල් බණ්ඩාර 19/3)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar