slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2024
යොවුන් ආසියානු කුසලානෙට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

sinhala editor

එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (27 දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.

කොළඹ තර්ස්ටන් විදුහල්  පිට දඟ පන්දු යවන ක්‍රීඩක විහස් තේව්මිකගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.

“ඇත්තටම අපි මේ තරගාවලියට පෙර හොඳ පුහුණුවක් වගේම හොඳ පුහුණු තරග කීපයකටම සහභාගිවුණා. පෞද්ගලිකවම මෙන්ම කණ්ඩායමක් වශයෙන් මේ තරගාවලියට හොද සූදානමකින් සිටිනවා“ යැයි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇති විහස් තෙව්මික පිටත්ව යෑමට ස්වල්ප වේලාවකට පෙර සඳහන් කර සිටියේය.

නොවැම්බර් මස 29 වැනිදා ආරම්භ වන මෙවර තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාවට නේපාලනය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට සිදුවන නමුත් කිසිදු කණ්ඩායමක් අවතක්සේරුවකට ගැනීමේ සූදානමක් නොමැති බවද එම අදහස් දැක්වීමේදී යොවුන් නායකයා සඳහන් කර සිටියේය.

“අපි එක කණ්ඩායමකට කියලා නොවෙයි. තරගයෙන් තරගය අපේ උපරිමයම යොදවලා අවසන් මහ තරගය දක්වා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ“ යැයි තෙව්මික සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා මූලික වටය යටතේ පළමුව මේ මස 29 වැනිදා නේපාල කණ්ඩායම සාජා ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 01 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව සහ අවසන් තරගය දෙසැම්බර් 03 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද තරග වැදීමට නියමිතය. එම අවසන් තරග 2 ම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ඩිල්රුවන් පෙරේරා මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, පෙර වසර වල ක්‍රීඩකයින්ගෙන් මෙන්ම නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත තම කණ්ඩායමට මෙවර තරගාවලියේදී හොද තරගයක් දීමේ ශක්තිය පවතින බව සඳහන් කර සිටියේය.

මෙය දිල්රුවන් මහතා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු වගකීම වන්නේය. “ඔව්. මම යොවුන් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගත්තට පස්සේ සහභාගිවන පළමු තරගාවලිය. මට හොඳ විශ්වාසයක් තියෙනවා අපේ කණ්ඩායම ගැන. තරගයෙන් තරගය සැලසුම් කරලා තරගාවලියේ ශූරතාවය දක්වා යන්න තමයි සැලසුම වෙලා තියෙන්නේ“ යනුවෙන් ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම –

ක්‍රීඩකයාගේ නමපාසල
පුළිඳු පෙරේරාධර්මරාජ විදුහල – මහනුවර
තනූජ රාජපක්ෂතර්ස්ටන් විදුහල – කොළඹ
දුල්නිත් සිගේරාමහානාම විදුහල – කොළඹ
ශාරුජන් ශන්මුගනාතන් (උප නායක)ශාන්ත බෙනඩික්ට් විදුහල – කොටහේන
කවීජ ගමගේකිංග්ස්වුඩ් විදුහල – මහනුවර
විරාන් චමුදිතශාන්ත සර්වේෂස් විදුහල – මාතර
රමිරු පෙරේරාරාජකීය විදුහල – කොළඹ
ලක්වින් අබේසිංහධර්මරාජ විදුහල – මහනුවර
විමත් දින්සරරාජකීය විදුහල – කොළඹ
ප්‍රවීන් මනීෂලුම්බිණි විදුහල – කොළඹ
යෙනුල දෙව්තුසශාන්ත ජෝසප් විදුහල – මරදාන
විහස් තෙව්මික (නායක)තර්ස්ටන් විදුහල – කොළඹ
ගීතික ද සිල්වාශාන්ත ආනා විදුහල – කුරුණෑගල
කේ. මාතුලන්ශාන්ත ජෝන්ස් විදුහල – යාපනය
ආර්. නිව්ටන්යාපනය මැදි මහ විදුහල – යාපනය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar