slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2024
ශ්‍රී ලංකාව අසීරු අඩියකට

sinhala editor

කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 516 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියහ. අද නිමාවට පත්වූයේ තරගයේ තෙවැනි දවස වන අතර තරගය නිමා වීමට නම් තවත් පූර්ණ දෙකක් ඉතිරිව තිබේ. ඒ අනුව මෙම තරගයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් ඉතිරි දින 2 ඇතුළත කඩුලු 5 රැක ගත යුතු වන අතරම ජය ගැනීමට නම් තවත් ලකුණු 413 ක් ලබා ගත යුතු ව තිබේ.

ඒ අතරින් කගිසෝ රාබඩා සහ මාර්කෝ ජැන්සන් කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කඩුලු වැටී යෑම නවතා ලීම වෙනුවෙන් සැඳෑ පිතිකරුගේ වගකීම දරා පැමිණි ප්‍රබාත් ජයසූරියද දැවී යෑම නිසා නායක ධනංජය ද සිල්වාටද පන්දුවට පහර දීමට පිටියට පැමිණීමට සිදුවිය. කෙසේ වෙතත් හේ කඩුල්ල ආරක්ෂා කරගත් හෙයින් එය ශ්‍රී ලංකාවට කිසියම් සැනසිලි දායක තත්ත්වයක. එහෙත් තරගය දෙස බැලීමේදී තත්ත්වය ඉතාමත් බරපතල වන්නේ ඉතිරි කඩුලු 5 ඇතුළත ලකුණු 413 ලබා ගැනීම හෝ තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් ඉතිරි දින 2 ම ආරක්ෂා කරගත යුතු වීම හේතුවෙනි.

පළමු ඉනිමේ ලද ලකුණු 149 ක වාසියද සමඟින් දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 249 ක ශතක සම්බන්ධතාවක් එක් කිරීමට ටෙම්බා බවුමා (113) සහ ට්‍රිස්ටන් ස්ටබ් (122) සමත්වූහ. එම සම්බන්ධතාව ප්‍රධාන කොට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් රැස් කර ගැනීමටද දකුණු අප්‍රිකානු පිලට හැකියාව ලැබිණ.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉතාම දුර්වල මට්ටමක පැවැතීම මෙතරම් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් දකුණු අප්‍රිකානු පිලට රැස් කර ගැනීමට හේතු නොවූවාම නොවේ. මෙහි ප්‍රධාන වශයෙන්ම ස්ටබ්ස් ලකුණු 35 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී ගිය අවස්ථාව හඳුන්වාදිය හැකි. එම අවස්ථාවේදී පන්දු යැවී විශ්ව ප්‍රනාන්දු සිය දුක විදහා පෑවේ තණතීරුව මත දණින් වැටෙමිනි. එපමණක්නොව ඔහු මිනිත්තුවකට වැඩි කාලයක් හිස බිම ගසාගෙන සිටීම බොහෝ දෙනාගේ අවධානයට හේතු වන්නක් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ලද වරමින් තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වූ ස්ටබ්ස් රෑ වැටුණු වළේ දවල් නොවැටීමට වග බලා ගනිමින් පන්දුවට පහර දුන්නේ ප්‍රතිවාදී පන්දු රකින්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට වග බලා ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් යැවූ හොඳ පන්දු වලටද වැරෙන් පහර එල්ල කළ ස්ටබ්ස් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකටම දැවී යෑමද විශේෂත්වයක් විය. කෙසේ වෙතත් අනෙක් අන්තයේ රැඳී සිටි බවුමා මුහුණ දුන් 201 වැනි පන්දුවේදී සිය ශතකය සම්පූර්ණ කරගත්තේය. හේ පළමු ඉනිමේදීද ලකුණු 70 ක් ලබා ගත්තේය. අසිත ප්‍රනාන්දුගේ ගොදුරක් ලෙසින් පිටියෙන් ඉවත් වන විට බවුමා පන්දු 228 කදී ලකුණු 113 ක් ලබා සිටියේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar