slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු තරගයෙන් පරදියි

sinhala editor

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නොවැම්බර් 25 වැනිදා පැවැති තරගයේදී පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 108 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ සමග තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරකයින්ට හැකියාව ලැබිණ.

රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත්වූ නමුදු එම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් හයිදර් අලී පන්දු 94 කදී ලකුණු 108 ක්ද අබ්දූල් සමාද් පන්දු 63 කදී ලකුණු 56 ක්ද ලබා වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ. පන්දු යැවීමේදී චමිඳු වික්‍රමසිංහ සහ ඩිල්ෂාන් මදුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ සහ සහන් ආරච්චිගේ දෙදෙනා රැස් කරන ලද ලකුණු 59 ක සම්බන්ධතාවය හැර ශ්‍රී ලංකා ඒ ඉනිමේ වාර්තා වුණු සාර්ථක කඩුලු සම්බන්ධතාවක් නොවීය. මෙහිදී සහන් ආරච්චිගේ ලකුණු 35 ක්ද සොනාල් දිනූෂ ලකුණ 38 ක්ද ලබා ගත්තේය.

මේ අතරර ඉනිමේ සාර්ථකම ලකුණු ලාබියා වූ පසු පෙළින්  පැමිණි චමිඳු වික්‍රමසිංහ පන්දු 38 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 47 ක් රැස් කර ගැනීමට සමත් විය. එම ඉනි නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මීට වඩා කළින් හමාර වීමට ඉඩ තිබිණ, කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම හමාර වන විට තවත් පන්දු  පන්දුවාර 10 කුත් පන්දු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පාකිස්තානු ඒ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 306 යි

(මුහමාද් හුරේයිරා 26, ෂරූන් සිරාජ් 42, හයිදර් අලී 108, අබ්දූල් සමාද් 556, මොහොමඩ් හැරිස් 36, ඩිල්ෂාන් මදුහංක 62/2, චමිඳු වික්‍රමසිංහ 52/2, ඒෂාන් මාලිංග 61/1)

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 198 යි

(සහන් ආරච්චිගේ 35, සොනාල් දිනූෂ 38, චමිඳු වික්‍රමසිංහ 47, මොහොමඩ් ඉම්රාන් 30/2, ශරූන් ශිරාජ් 21/2)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar