ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 19 වැනිදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් තරගාවලිය නියෝජජනය කළ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්රනාන්දුව සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවට ළහිරු උදාර, නුවනිඳු ප්රනාන්දු, සහ එෂාන් මාලිංගව සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ මස 27 වැනිදා දකුණු අප්රිකාවේදී ආරම්භවීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරය හේතුවෙන් එම ක්රීඩකයින්ට විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව එසේ පියවර ගෙන තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දකුණු අප්රිකාවට එරෙහි තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් විශේෂ අවධානය යොමුව තිබේ.