slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2024
තරග පැවැත්වෙන දිනයේදීත් ප්‍රවේශපත් ක්‍රීඩාංගණයෙන්ම මිලදී ගන්න

sinhala editor

නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. එම ප්‍ර වේශපත්‍ර කවුලුව රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියි.

ක්‍රීඩාංගණ ප්‍රධාන දොරටුවට අමතරව කොළඹ විද්‍යා මාවතේ පිහිටා ඇති විශේෂ ටිකට් කුටියෙන් සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශපත්‍ර කවුලුවෙන්ද මෙම තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත.

ප්‍රේක්ෂක තදබදය මඟහරවා ගැනීමේ අරමුණ ඇතිව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග ක්‍රියාත්මක දිනවලදී ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලු විවර නොකිරීමට වග බලා ගත්තේය.

කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රවේශපත්‍ර අධික මිල ගණන් යටතේ කලු කඩ මිලට  අළෙවි කරන බවට පැමිණිලි ලැබීමෙන් පසු ක්‍රීඩා ලෝලීන් වෙත සෘජුවම සාමාන්‍ය මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි වන පරිදි සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රංගිරි දඹුලු ක්‍රීඩාංගණ ප්‍රධාන දොරටුවේ ප්‍රවේශපත්‍ර කවුළුව ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලදී.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee