slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරයි

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල සහ පාකිස්තාන ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව් දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව අවසන් විය. කෙසේ වුවද පළමු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකරගත් පාකිස්තාන ක්‍රීඩකයෝ තරග 2කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙස ජය වාර්තා කළහ.

රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමට ලකුණු 310ක් ලබා ගත් අතර, සත්කාරක පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම ශතක දෙකක් සමඟ කඩුලු 4කට ලකුණු 260ක් ලැබූ හෙයින් පාකිස්තාන ‘ඒ’ පිලට ලකුණු 284ක ඉලක්කයක් එල්ල විය. තරගය නිමා වෙද්දී පාකිස්තාන ‘ඒ’ පිලකඩුලු 3කට ලකුණු 156ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම වර්ණවත් කළ පවන් රත්නායක පන්දු 198කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර, එය ඔහුගේ පළමු පෙළ 7 වැනි ශතකය වූවේය. පළමු ඉනිමේදී නොදැවී ලකුණු 85ක් ලබාගත් සොනාල් දිනූෂ දෙවැනි ඉනිමේදී පන්දු 184කදී හතරේ 10ක් සමඟ නොදැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත් විය. එය සොනාල් දිනූෂගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ 4 වැනි ශතකය විය. පවන් – සොනාල් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 214ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, කඩුලු 4ක් දැවී දෙවැනි ඉනිම අත්හිටුවිය.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 25 වැනිදා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 310යි (ඕවර් 79)
අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, අතිරේක 14 (කුරාම් ෂෙසාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)

පාකිස්තාන ‘ඒ‘ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 212යි (ඕවර් 71)
අබ්දුල්ලා ෆාසී 59, අලි සර්යාබ් 32, මොහොමඩ් සුලේමන් 40, හෙයිඩර් අලි 35, හුසේන් ටලාට් 25, අහමඩ් සාෆි 39, අතිරේක 22 (වනුජ සහන් 74/5, චාමික ගුණසේකර 41/1, ඉසිත විජේසුන්දර 56/1, නිපුන් ධනංජය 33/1, සොනාල් දිනූෂ)

ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 260යි (ඕවර් 76)
අහන් වික්‍රමසිංහ 15, පවන් රත්නායක නොදැවී 100, සොනාල් දිනූෂ නොදැවී 116, අතිරේක 7 (අහමඩ් බසීර් 65/2)

පාකිස්තාන ‘ඒ‘ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 156යි (ඕවර් 45)
අලි සායාබ් 31, මොහොමඩ් සුලේමන් නොදැවී 66, හෙයිඩර් අලි නොදැවී 43 (චාමික ගුණසේකර 33/1, ඉසිත විජේසුන්දර 27/1, නිපුන් ධනංජය 17/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee