slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
මහනුවරට ලකුණු 14ක ජයක්

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ අද සමත් වූහ.

වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර – ‍කොළඹ උතුර තරගය අවසන් මොහොත දක්වා උණුසුම් ස්වරූපයක් ගත් අතර, මහනුවර පිල ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට සමත් වු‍වේය.

මිනුක දිම්සර හා අබ්දුල් රෙහෙමාන් ජයග්‍රහණය සෙවීමට විශාල වෙහෙසක් ගත් අතර, අවසන් කඩුල්ලට පන්දු 53කදී ලකුණු 19ක සබඳතාවක් ගොඩනැගුවද සනිතු ගුණතිලකගේ පන්දුවක් හමු‍වේ මිනුක දිම්සර ලකුණු 16කට දැවී යෑමෙන් ඉනිම නිමාවට පත් විය. මහනුවර පිල ජය මාවතට යොමු කළ සනිතු ගුණතිලක, විහංග නෙත්සර හා කුසල් බණ්ඩාර කඩුලු 3 බැගින් බිඳහෙලීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල කඩුලු 9කට ලකුණු 147ක් ලබාගත් අතර, කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තේය. කොළඹ උතුර පිලේ ආරම්භක පිතිකරු බිනෝද් සන්දිල් පන්දු 63කදී හ‍ේ පහර 4ක් හා හත‍ේ පහර 3ක් සමඟ ලකුණු 67ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

තරගාවලියේ තෙවැනි දිනයේ තරග අනිද්දා (24) මහනුවර – කොළඹ දකුණ අතර කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී හා දඹුල්ල – ගාල්ල අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මහනුවර පිල කඩුලු 9කට ලකුණු 147 (ඕවර් 50)
චනුත් ජයසිංහාරච්චි 12, සනිතු ගුණතිලක 15, සිසිල් හේමක 10, යෙනුල හේවාවිතාරණ 50, අති‍රේක 28 (ෂම්මා ‍ජොනතන් 28/4, අබ්දූල් රහ්මාන් 12/2, ශානුක ජයවර්ධන37/1, සසිඳු සිල්වා 6/1 )

කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 133 (ඕවර් 35.1)
බිනෝද් සන්දිල් 67, මිනුක දිම්සර 16, අති‍රේක 23 (සහාන් විමුක්ති 20/1, සනිතු ගුණතිලක 17/3, විහංග නෙත්සර 27/3, කුසල් බණ්ඩාර 19/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee