slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල යළි දිවයිනට

sinhala editor

පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ පාකිස්තානු ඒ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත නිල නොවන එක්දින තරග දෙක කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නතර කර දමා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

දෙපාර්ශ්වය අතර සිදුකරන සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ තිබේ. දෙපිළ අතර අවසන් එක්දින තරග 2 බදාදා සහ සිකුරාදා යන දිනයන්හිදී රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම තරග දෙක ඉදිරියේදී පැවැත්වෙනු ලැබෙන දින තීරණය කිරීමට ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee