slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2024
ශ්‍රී ලංකා යූත් ලිගය සමඟ ‘ප්‍රීමා‘ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් පරපුර බලගන්වයි

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් (SLYL) 2024 තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ යළිත් වතාවක් අත්වැල් බැඳගනියි. කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී දෙපාර්ශ්වය අතර වූ ගිවිසුම පිළිබඳව නිවේදනය කර සිටියේය.

2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රීමා සමූහය, ප්‍රීමා කුසලාන අවු. 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් හෙවත් “U15 SLYL – 2024“ තරගාවලියේ සාඩම්බර නිල සබඳකරු ලෙසින් කටයුතු කරන අතර මේ හරහා දහස් ගණනක් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය දිස්ත්‍රික්ක සහ පළාත් නියෝජනය කිරීමේ මහඟු අවස්ථාව උදා වී ඇත. එදා මෙන්ම අදද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින් බොහොමයක් මෙම තරගාවලිය නිසා හඳුනාගත් අය වීම සුවිශේෂීය.

නොවැම්බර් 21 වනදා සිට ප්‍රීමා ‘U15 SLYL‘ පන්දුවාර 50 තරගාවලිය කොළඹ ස්ථාන කිහිපයකදී ආරම්භ වනු ඇත. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය, කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය,  තර්ස්ටන් විදුහල් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

මේ සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර එම කණ්ඩායම් වෙති. මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් මස 28 වනදා සහ අවසන් මහා තරගය නොවැම්බර් මස 30 වැනිදාට යෙදී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙය අපගේ වාර්ෂික සංවර්ධන දින දර්ශනයේ ඉතා වැදගත් තරගාවලියක් වන අතර අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත පරපුර පෝෂණය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා ප්‍රීමා සමූහයේ අඛණ්ඩ කැපවීම අප ඉතා අගය කොට සළකනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා පවසා සිටියේ  “15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය අනාගත පරපුරේ ක්‍රිකට් විශිෂ්ඨයින් තැනෙන තැනයි. ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ ඇති කැපවීම පෙන්වමින් සිය දක්ෂතා එළිදක්වන්නට මෙම වේදිකාව තනාදීමේ සබඳකරුවන් වීම ප්‍රීමා හි අපට ආඩම්බරයක්. මේ වසරේ තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් අප අතිවිශිෂ්ට දක්ෂතා, මනා ක්‍රීඩාශීලීත්වයක් සහ සුභවාදී තරගකාරීත්වයක් බලාපොරොත්තු වෙනවා. මේ තරුණ හැකියාවන් මත ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අනාගතය නිර්මාණය කරන අතරම ඊළඟ ක්‍රීඩා පරපුරට සිහින දකින්නට සහ විශිෂ්ටත්වය කරා යාමට උත්තේජනයක් සපයන්නටද අපි බලාපොරොත්තු වෙනවා” ලෙසිනි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ ක්‍රිකට් අංශය නගා සිටුවීමට සුවිශාල දායකත්වයක් දක්වමින් 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය සඳහා නිරන්තර සබඳතාවය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිනවා” යනුවෙනි.

තරුණ පරපුරේ හැකියාවන් කළඑළි බසින්නට උපකාරී වන මෙම 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය මෙවර ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සහ සියලු දෙනා බලා සිටිනා ක්‍රිකට් තරගාවලියක් වෙයි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee