slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට තෙවැනි ජය ලබති

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ තෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද සමත් වූහ.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ දකුණ පිල හා මහනුවර පිල අතර පැවැති තරගයේදී කොළඹ දකුණ පිල ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 117ක ජයක් වාර්තා කරමින් අපරාජිතව ඉදිරියට පැමිණියේය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයෝ අයහපත් කළගුණික තත්ත්වය හමුවේ තරගය නතරකරන විට කඩුලු 8ක් දැවී ලකුණු 66ක් ලබා සිටියහ. මිතුම් ප්‍රනාන්දු මහනුවර පිලේ කඩුලු 5ක් ලකුණු 13කට බිඳහෙලීමට සමත් වූ අතර, දු‍ෂේන් උඩුවල ලකුණු 17කට කඩුලු 2ක් බිඳහෙලීය.

කොළඹ දකුණ පිල වෙනුවෙන් පළමු කඩුල්ලට දු‍ෂේන් උඩුවල හා නිසල දමිත් පන්දු 78කදී ලකුණු 57ක සබඳතාවක් ගොඩනැඟූ අතර, 7 වැනි කඩුල්ලට මෙතුක ගුණරත්න හා තාරුක සමන්ජිත පන්දු 56කදී නොබිඳුණු ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගූහ.

කොළඹ දකුණ පිල කඩුලු 6කට ලකුණු 204 (ඕවර් 45)
දු‍ෂේන් උඩුවල 19, නිසල දමිත් 44, රෙෂාන් සොලමන් 35, මෙතුක ගුණරත්න නොදැවී 67, තාරුක සමන්ජිත නොදැවී 12, අති‍රේක 18 (සචිත ගුණසේකර 25/1, විහංග නෙතුසර 39/2, කුසල් බණ්ඩාර 42/2, චනුත් ජයසිංහාරච්චිගේ 38/1 )

මහනුවර පිල කඩුලු 8කට ලකුණු 66 (ඕවර් 38.1)
චනුත් ජයසිංහාරච්චි 23, සිසිල් හේමක නොදචැවී 10, අති‍රේක 8 (මිතුම් ප්‍රනාන්දු 13/5, දු‍ෂේන් උඩුවල 17/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee