slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි ජය ලබති

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට ‍කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද සමත් වූහ. කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී දඹුල්ල පිල ලකුණු 76කින් පරාජය කළ කොළඹ දකුණ පිල මේ සමඟ අපරාජිතව ඉදිරියට පැමිණියේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් කොළඹ දකුණ පිල සියලු දෙනා දැවී ලකුණු 151ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹාගිය දඹුල්ල පිල ලකුණු 75කට සීමා වූවේය. ජයග්‍රාහී කොළඹ දකුණ පිලේ ආරම්භක පිතිකරු දු‍ෂේන් උඩුවල හා අංක තුන පිතිකරු රෙෂාන් සොලමන්ස් දෙවැනි කඩුල්ලට පන්දු 137කදී ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගී‍මෙන් කොළඹ දකුණ පිලට ස්ථාවරත්වයක් ‍ගොඩනැගුණු අතර, දඹුල්ල පිලේ යුමාල් එගොඩගේ ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙලීම කැපී පෙණුනි.

දඹුල්ල පිලේ පළමු කඩුලු 3 ලකුණු 9කට දවා ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූ අතර, එයින් කඩුලු 2ක් චමිත කංකානම්ගේ බිදහෙලීය. දඹුලු මුල් පිතිකරුවන් 5ක්ම ලකුණු 5කට අඩුවෙන් දවා ගැනීමෙන් පීඩනය වැඩි විය.

තරගාවලියේ තෙවැනි දිනයේ තරග අනිද්දා (24) මහනුවර – කොළඹ දකුණ අතර කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී හා දඹුල්ල – ගාල්ල අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ දකුණ පිල සියලු දෙනා දැවී ලකුණු 151 (ඕවර 46.4)
දු‍ෂේන් උඩුවල 43, රෙෂාන් සොලමන් 44, අධීෂ ලක්ෂාන් 10, චමිත කංකානම්ගේ 17, අති‍රේක 11 (චමෝද් ප්‍රභාෂ 10/1, මහේෂ ඉඳුරංග 18/3, යුමාල් එගොඩගේ 24/5 )

දඹුල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 75 (ඕවර් 36.3)
ටෙරාන් සචින් 19, අමල් පෙරේරා 15, අතිරේක 6 (චමිත කංකානම්ගේ 13/2, අදීෂ ලක්ෂාන් 8/1, මෙතුම් ප්‍රනාන්දු 17/2, තාරුක සමින්ජිත 13/2, මෙතුක ගුණරත්න 8/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee