slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
දඹුල්ලට යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ අද සමත් වූහ.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල හා දඹුල්ල අතර තරගයේදී කාසියෙ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 93ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළහ.

ගාල්ල ඉනිම කඩා බිදහෙලූ ප්‍රමෝද් ප්‍රභාෂ ලකුණු 18කට කඩුලු 5ක් හා යුමාල් එගොඩගේ ලකුණු 13කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූහ‍. ගාල්ල ඉනිමේ කඩුලු 6ක් ලකුණු 37කට බිද වැටී තිබියදී එක්වූ
සඳරු මල්ෂාන් හා මනිත රාජපක්ෂ පන්දු 110කදී ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වීම කැපී පෙණුනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 94ක ඉලක්කය හඹාගිය දඹුල්ල පිලේ අකේන් සුජායන පන්දු 55කදී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූවේය. දඹුල්ලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ හිරුක් අකලංක ලකුණු 31කට කඩුලු 5ක් බිඳහෙලීමට සමත් වූවේය.

ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 93 (ඕවර් 37.5)
රවීන් සචින්ත 10, සඳරු මල්ෂාන් 34, මනිත රාජපක්ෂ 16 ( චමෝද් ප්‍රභාෂ 18/5, යුමාල් එගොඩගේ 13/4, මහේෂ ඉඳුරංග 8/1)

දඹුල්ල පිල කඩුලු 7ක් දැවී ලකුණු 94 (ඕවර් 26.2)
අකේන් සුජායන 39, රන්දු කරුණාරත්න 10, චමෝද් ප්‍රභාෂ නොදැවී 12, කලිඳු සචින්තන 10, අතිරේක 12 (හිරුක් අකලංක 31/5, තරුන් වනසිංහ 15/1, මනිත රාජපක්ෂ 5/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee