slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2024
අභිනව ටී-10 ශූරතාව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් දිනා ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (19 දා) රාත්‍රියේදී සමත්විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ඔවුන්ට එරෙහිව ලකුණු 27 ක ජයක් වාර්තා කර ගනිමිනි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් ජැෆ්නා කණ්ඩායමට ලබාදීමට හම්බන්තොට කණ්ඩායම සමත්වූ නමුත්, ඔවුනගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ප්‍රතිවාදී කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණ. මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වය වන්නේ අවසන් මහ තරගය දක්වා අපරාජිතව සිටි ජැෆ්නා කණ්ඩායමේ එම අපරාජිත භාවය අවසන් මහ තරගයේදී බිඳ දැමීමට හම්බන්තොට කණ්ඩායමට හැකියාව ලැබීමයි.

දක්ෂ පිතිකරුවන් රැසකගෙන් සමන්විත ජැෆ්නා කණ්ඩායමට එරෙහිව සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණු රිචර්ඩ් ග්ලීසන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගනිමින් ජැෆ්නා කණ්ඩායම අපහසුතාවයට පත් කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක දසුන් ශානක ලකුණු 04 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය.

ඉලක්කය හඹා යෑමේදී ජැෆ්නා ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නමුත් ජැෆ්නා ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටීමට ටොම් ඇබෙල් සමත්වූවේය. ඔහු හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 27 කදී නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තද එම ඉනිමට තරගයේ ප්‍රතිඵලයේ වෙනසක් කිරීමට නොහැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට කණ්ඩායම පන්දුවාර 10 අවසනදී කඩුලු 7 කට ලකුණු 133 ක් ලබා ගැනීමට සමත්විය. එහිදී නැවත වරක් සාර්ථක වුණු ආරම්භක පිතිකරු මොහොමඩ් ශේෂාඩ් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 26 ක් එක් කොට සාර්ථක අරම්භයක් ලබා දුන්නේය. අනතුරුව පැමිණි දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 10 කදී ලකුණු 21 ක්ද,  ෂෙවෝන් ඩැනියෙල් පන්දු 15 කදී ලකුණු 26 ක්ද ලබා ගත්තේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ට්‍රෙවීන් මැතිව් අද දිනයේදීද ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගනිමින් සිය කඩුලු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ සම්මාන ප්‍රධානෝත්සවයේදී නැගී එන ක්‍රීඩකයා සම්මානය ට්‍රෙවීන් මැතිව්ස් විසින් දිනා ගත්තේය. එපමණක් නොව ඔහු සමස්ථ තරගාවලියේ කඩුලු 14 ක් බිඳ දමමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබීවේය. ලකුණු 214 ක් ලද කුසල් මෙන්ඩිස් දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන ලබද්දී, පිත්තෙන් ලකුණු 175 ක් සහ පන්දු යවමින් කඩුලු 4 ක් සහ උඩ පන්දු 5 ක් රැක ගත් දසුන් ශානක දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය.

නැගීඑන ක්‍රීඩකයා – ට්‍රෙවීන් මැතිව් (කඩුලු 14 යි)

දක්ෂතම පන්දු යවන්නා – ට්‍රෙවීන් මැතිව්

දක්ෂතම පිතිකරුවා – කුසල් මෙන්ඩිස්

තරගාවලියේ වීරයා – දසුන් ශානක

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 10 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 133 යි – (මොහොමඩ් ශේෂාඩ් 26, සබීර් රෙහ්මාන් 16, දසුන් ශානක 21, ෂෙවෝන් ඩැනියෙල් 26, කෙනාර් ලුවිස් 10, ධනංජය ලක්ෂාන් 10*, ට්‍රෙවීන් මැතිව් 18/2, ප්‍ර මෝද් මදුෂාන් 18/1, මල්ෂ තරුපති 22/1, ඩ්වයින් ප්‍රිටෝරියස් 39/1)

ජැෆ්නා ටයිටෑන්ස් පන්දුවාර 10 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 107 යි – (ටොම් කොලර් කැඩ්මෝර් 10, කුසල් මෙන්ඩිස් 11, ටොම් ඇබෙල් 54, පවන් රත්නායක 10, රිචර්ඩ් ග්ලීසන් 21/3, දසුන් ශානක 04/2, ඉසුරු උදාන 22/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee