slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2024
ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්

sinhala editor

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

තරගාවලි ඉතිහාසයේ පළමු හතරේ පහර මෙන්ම  පළමු හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද දසුන් තමන් සතු කර ගත්තේය. මොහොමඩ් ආමීර් විසින් යවන ලද තරගයේ පළමු පන්දුවටම කුසල් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී යෑම නිසා දසුන්ට දෙවැනි පන්දුවේ සිටම පන්දුවට පහර දීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව ආමීර් යවන ලද සිව්වැනි පන්දුවට හතරේ තරගාවලි ඉතිහාසයේ මංගල හතරේ පහර එල්ල කළ දසුන් නැවතත් ජැෆ්නා ටයිටෑන්ස් නායක ඩේවිඩ් වීසේ යවන ලද තෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද තමන් සතු කර ගත්තේය. එතැනින් නොනැවතුණු දසුන් ඊළඟ පන්දු දෙකටම හයේ පහර 2 ක් එල්ල කරමින් පිට පිට පන්දු 3 කදී හයේ පහර 3 ක් එල්ල කරමින් ටී-10 තරග රටාවේ ස්වරූපය මෙය යැයි තරග නැරඹීමට  පල්ලෙකැලේට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ට පසක් කර දුන්නේය.

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee