ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති ‘ඒ’ කණ්ඩායම් තුන්කොන් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දු 79 කින් නොදැවී ලකුණු 108 ක් රැස් කළ අවිශ්ක එම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක පහසු ජයක් කරා මෙහෙයවීය.
ඇෆ්ගනිස්තානු කණ්ඩායම රැස් කරන ලද ලකුණු 245ක ඉලක්කය, වර්ෂාව හේතුවෙන් යළි ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාවට පන්දුවාර 41 කදී ලකුණු 231 ක ඉලක්කයක් වශයෙන් සංශෝධනය කෙරිණ. ඒ අනුව එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල, ඕවර 28.1 ක් තුළදී කඩුලු 2 ක් පමණක් අහිමි කරමින් ජයග්‍රහණය තහවුරු කළේය. අවිශ්කගේ ප්‍රහාරාත්මක ඉනිම හතරේ පහර 14 කින් හා හයේ පහර 3 කින් වර්ණවත් වූ අතර, අවසානය දක්වා නොදැවී සිටි ඔහු තරගයේ කැපී පෙනෙන චරිතය බවට පත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තුන්කොන් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන තවත් උණුසුම් වී තිබේ. අද ලද ජයත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තිබුණද, තරගාවලියට එක්ව සිටින ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම් ද ජයග්‍රහණයක් බැගින් වාර්තා කර තිබීම හේතුවෙන් අවසන් වටයට පිවිසීමේ සටන දැඩි තරගකාරී මුහුණුවරක් ගෙන ඇත.
ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 19 කින් ලකුණු 49 ක් රැස් කළ අතර, අවිශ්ක සමඟ පළමු කඩුල්ල සඳහා පන්දු 35 කින් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීය. අනතුරුව සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 60 ක් ලබාගනිමින් අවිශ්කට ශක්තිමත් සහායක් ලබාදුන්නේය.
මීට පෙර පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම ඕවර 49.4 කදී ලකුණු 245 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. චාමික කරුණාතිලක වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි චාමික ගුණසේකර කඩුලු 3 ක් දවාගත් අතර, කුගදාස් මාතුලන් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් දවාගත්හ.
පසුගිය කාලයේදී දක්ෂතා අතරට පිවිසීමට නොහැකිවීම නිසා කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අවිශ්ක ප්‍රනාන්දු මෙම ශතකය හරහා තමන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගත සැලසුම්වල වැදගත් කොටසක් විය හැකි බව නැවතත් සිහිපත් කර තිබේ.
කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා ‘එ්‘ නායක සහන් ආරච්චිගේ පළමුව පන්දු යැවීම තෝරා ගත්ත්ද පළමු පන්දුවාර 10 හෙවත් පවරු ප්ලේ අවස්ථාව වනවිට ලකුණු 51 ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානු පිතිකරුවෝ සමත්වූහ. අරම්භයෙදී ලකුණු 5 කට වඩා වැඩි අගයක් තබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වූ නමුත්, අවසන් පන්දුවාර 10 දී ඔවුනට රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දන්නේ ලකුනු 49 ක් පමණි. ඒ අතරතුරදී ඔවුන්ගේ අවසන් කඩුලු 5 ම දවා ගැනීමද සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ප්‍ර වේගවත් ආරම්භයක් ලබා ගත් නිරෝෂන් දික්වැල්ල පළමු පන්දුවාරයේදීම හතරෙ පහර 3 ක්ද සමගින් ලකුණු 17 ක් රැස් කරගත්තේය. ඇෆ්ගන් පන්දු යවන්නන්ට සිත් සේ පන්දුවට පහර දුන් දකුණත් වමත් පිතිකරු යුගල පන්දු 35 කින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැම්මේ ලකුණු 76 කිනි. දික්වැල්ල ලකුණු 49 කට දැවී යන විට ඔහු මුහුණ දී තිබුණේ පන්දු 19 කට පමණි.
ලසිත් කෘෘස්පුල්ලේ වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි විශේන් හැළඹගේ ට පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් නමුත්, අවිශ්කට එක්වුණු සදීර සමරවික්‍රම පන්දු 70 කදී ලකුණු 60 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සන්ථ වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.
ඇෆ්ඝනිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 245 යි – යි (ඉම්රාන් මීර් 21, හසන් එසාකිල් 46, කාලිඩ් තනිවාල් 22, බහීර් ෂා 44, ෆාමනුල්ලා 35, මොහොමඩ් ඉෂාක් 30, අබ්දුල්ලා අහමඩ්සායි 21, චාමික ගුණසේකර 32/3, කුගදාස් මාතුලන් 42/2, විජයකාන්ත් වියස්කාන්ත් 37/2)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 28.1 කදී කඩුලු 2 ට ලකුණු 231 යි – (නිරෝෂන් දික්වැල්ල 49, අවිශ්ක ප්‍රනාන්දු 108*, සධීර සමරවික්‍රම 60*, ෆාමනුල්ලා 40/2)





