පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය
ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම පන්දු වාර 8.1 ක් අවසනදී කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දී ඉලක්කය සපුරා ගත්තේය. මෙහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ටොම් කොලර්කැඩ්මෝ පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් නොදැවී ලකුනු 57 ක් රැස් කොට කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළේය.
පළමු කඩුලු 2ම ලකුණු 32 ක් ඇතුළතදී බිඳ වැටුණද ටොම් ඇබෙල්ට එක්වූ කැඩ්මෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදි ලකුණු 75 ක් රැස් කරමින් ජැෆ්නා ටයිටෑන්ස් පිලට ජයග්‍රහණය සඳහා ප්‍රධාන අඩිතාලම එක් කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇබෙල් පන්දු 19 කදී නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසනදී කඩුලු 8 කට ලකුණු 106 ක් ලබා ගත්තේය. එහිදී අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය. තරගාවලි ඉතිහාසයේ පළමු හතරේ පහර මෙන්ම පළමු හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද දසුන් තමන් සතු කර ගත්තේය. දසුන් දැවී යන විට පන්දු 17 කදී ලකුණු 51 ක් රැස් කර තිබුනේ හයේ පහර 5 ක් සහ හතරේ හර 4 ක් තම ඉනිමට ඇතුළත් කරමිනි.
මොහොමඩ් ආමීර් විසින් යවන ලද තරගයේ පළමු පන්දුවටම කුසල් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී යෑම නිසා දසුන්ට දෙවැනි පන්දුවේ සිටම පන්දුවට පහර දීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව ආමීර් යවන ලද සිව්වැනි පන්දුවට හතරේ තරගාවලි ඉතිහාසයේ මංගල හතරේ පහර එල්ල කළ දසුන් නැවතත් ජැෆ්නා ටයිටෑන්ස් නායක ඩේවිඩ් වීසේ යවන ලද තෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද තමන් සතු කර ගත්තේය. එතැනින් නොනැවතුණු දසුන් ඊළඟ පන්දු දෙකටම හයේ පහර 2 ක් එල්ල කරමින් පිට පිට පන්දු 3 කදී හයේ පහර 3 ක් එල්ල කරමින් ටී-10 තරග රටාවේ ස්වරූපය මෙය යැයි තරග නැරඹීමට පල්ලෙකැලේට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ට පසක් කර දුන්නේය.
එහෙත් ට්‍රෙවීන් මැතිව්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ සිට ජනිත් ලියනගේ රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව නිසා දසුන්ගේ ඉනිම නිමාවට පත්විය. එතැන් පටන් දැවී ගිය පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට අවස්ථාව ලබා නොදීමට ටයිටෑන්ස් පන්දු යවන්නෝ වග බලා ගත්හ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ට්‍රෙවීන් මැතිව් තම පන්දුවාර 2 දී ලකුණු 10 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවාගත්තේය.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 10 කදි කඩුලු 8 ට ලකුණු 106 යි – මුහම්මද් ෂේෂාඩ් 22, දසුන් හානක 51, ට්‍රෙවීන් මැතිව් 10/4)
ජැෆ්නා ටයිටෑන්ස් පන්දුවාර 8.1 කදී කඩුලු 2 ට ලකුණු 107 යි – (ටොම් කොලර් කැඩ්මෝ 57*, චරිත් අසලංක 12, ටොම් ඇබෙල් 33)