slc
logo
Home   |    News
දෙසැම්බර් 31, 2024
දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

sinhala editor

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මවුන්ට් මන්ගනුයිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 186 ක් ලබා ගත් අතර එය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී සියලු දෙනා ලකුණු 141 කට දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු තරගයේ  පරිදිම මෙම තරගයේදීත් ශ්‍රී ලංකා ඉදිරි පෙළ  පිතිකරුවන් සාර්ථක වුණු නමුත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවයද මෙම තරගයට බලපෑවේය. පන්දුවාර 15 ක් අවසනදී කඩුලු 3 කට ලකුණු 127 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 14 ක් ඇතුළත බිඳ වැටීම කණගාටු දායක විය.

කුසල් මෙන්ඩිස් මුලු ලකුණු සංඛ්‍යාව 32 දී ලකුණු 10 කට දැවී ගිය නමුත් පැතුම් නිස්සංකට එක් වුණු කුසල් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 කුත් කමිදු මෙන්ඩිස් සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 කුත් සහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සමග එක්ව ලකුණු 30 ක සම්බන්ධතාවකුත් පවත්වමින් ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට රැගෙන ඒමට සමත් වුවත්, කුසල් පෙරේරාගේ දැවී යෑමෙන් පසු සියල්ල වෙනස් වන්නට ගියේ ලකුණු පුවරුවට ලකුණු 14 ක් එක්වන්නට ගිය කාලය පමණි.

කුසල් පන්දු 35 කින් ලකුණු 48 ක් රැස් කරද්දී  පැතුම් නිස්සංක පන්දු 28 කදී ලකුණු 38 ක් රැස් කළේය. ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අවසන් පිතිකරුවා වූ නායක චරිත් අසලංක පන්දු 16 කදී ලකුණු 20 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී යළිත් දක්ෂතා අතරට පිවිසි ජේකබ් ඩෆී කඩුලු 4 ක් දවා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදිමිනි. කඩුලු 4 ක් දවා ගැනීමට ඩෆී සමත් වුවද තරගයේ වීරයා ලෙසින් සම්මාන ලද්දේ පන්දු 19 කදී ලකුණු 41 ක් රැස් කර ගත් මිචෙල් හේ විය.

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වද්දී ඔවුන්ගේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවට ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූයේ අවසන් පන්දුවාර 4 දී ලකුණු 53 ක් රැස් කර ගැනීමට සමත් වීමයි. 16 වැනි පන්දුවාරය අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 ට ලකුණු 133 ක් වශයෙනි. එහෙත් එතැන් සිට ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වුණු මිචෙල් හේ ප්‍රමුඛ නවසීලන්ත පිතිකරුවෝ අවසන් පන්දු 16 න් ලකුණු 53 ක් රැස් කර ගනිමින් ලකුණු 187 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබූහ.

සෙනසුරාදා පැවැති තරගයේදී පන්දුවාර 4 දී ලකුණු 60 ක් ලබා දුන් මතීෂ පතිරණට එරෙහිව අද තරගයේදීද ලකුණු 37 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වද්දී වැඩිම ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා බවට පත්වූයේ මහීෂ් තීක්ෂණ වන අතර ඔහුගේ  පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 52 ක් ලබා ගෙන තිබිණ.

නවසීලන්ත පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 යි – (ටිම් රොබින්සන් 41, මාක් චැප්මන් 42, ග්ලෙන් පිලිප්ස් 23, ඩැරල් මිචෙල් 18, මිචෙල් හේ 41*, වනිදු හසරංග 28/2, මතීෂ පතිරණ 37/1, නුවන් තුෂාර 25/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි – (පැතුම් නිස්සංක 37, කුසල් මෙන්ඩිස් 10, කුසල් පෙරේරා 48, චරිත් අසලංක 20, ජේකබ් ඩෆී 15/4, මැට් හෙන්රි 31/2, මිචෙල් සැන්ට්නර් 22/2)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee