ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති දෙවැනි තෙදින ක්‍රිකට් තරගය අද (08 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අයහපත් කාලගුණය වෙනුවෙන් තරගය නිමා කරන විට යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 35.2 කදී කඩුලු 5 කට ලකුණු 110 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 304 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ අවු. 17 න් පහළ පිතිකරුවෝ අද දිනයේදී ඊට පිළිතුරු ලෙස පන්දුවාර 96 කදී සියලු දෙනා දැවී ලකුනු 328 ක් රැස් කර ගත්හ. ඒ අනුව ලකුණු 24 කින් පෙරට පැමිණෙමින් පළමු ඉනිමේ වැඩි ගෞරව අත්කර ගැනීමට සංචාරක ක්‍රීඩකයන්ට හැකියාව ලැබිණ.
කඩුලු 5 කට ලකුණු 231 ක් තිබියදී අද දිනය ආරම්භ කළ බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායමේ ඉතිරි කඩුලු 5 ම ලකුණු 97 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 243 කදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු අබ්දූර් රහීම් (31) සහ රකිබුල් හොසන් (46) පන්දු 157 කදී රැස් කරන ලද ලකුණු 76 ක සම්බන්ධතාව නොවන්නට මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමේ හැකියාව සත්කාරක කණ්ඩායමට හොඳින්ම පැවැතිණ. කෙසේ වෙතත් පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන රසිත් නිම්සර ලකුනු 64 කට කඩුලු 4 ක් දවා වැඩිම කඩුලු ලාභියා වද්දී කිත්ම විදානපතිරණ ලකුණු 51 කට කඩුලු 3 ක් බිඳ හෙළිමින් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී ශතකයක් ලද රෙහාන් පීරිස් දෙවැනි ඉනිමේදීිද සාර්ථක වෙමින් ලකුණු 25 ක් රැස් කරමින් ලකුණු අතරට පැමිණියද ඔහු දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පළමු ඉනිම 304 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 35.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 110 යි – (රෙහාන් පීරිස් 25, නෙතුල එදිරිමාන්න 23, රජිත සමරසිංහ 05, සෙනුජ වෙනුණගොඩ 06, කිත්ම විදානපතිරණ 32, ජේසන් ප්‍රනාන්දු 10*, ජොෂුවා සෙබස්තියන් 02*, අලී රෆි 24/2, අසනුල් හක් 18/1)
බංග්ලාදේශ අවු. 17 න් පහළ පළමු ඉනිම පන්දුවාර 96 කදී සියලු දෙනා දැවී ලකුණු 328 යි – අබ්දුල්ලා මුහී 10, රිඩෝ හොසේන් 55, අද්‍රිෙටා් ගෝස් 87, සව්රව් කර්මෝකාර් 23, අසනුල් හක් 29, ෆර්හාන් සාදික් 02, රකිබුල් හොසේන් 46, අබ්දූර් රහීම් 31, අලී රාෆි 00, මමහීබුජ්ජමාන් මුහබීර් 00, අමීන් හොසේන් 00*, රසිත නිම්සර 64/4, කිත්ම විදානපතිරණ 51/3, අබීත පරණවිදාන 73/1 කලන සුභාෂණ 66/1)