slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2024
දෙවැනි තුන්දින තරගය ජය පැරදුමෙන් තොරයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති දෙවැනි තෙදින ක්‍රිකට් තරගය අද (08 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අයහපත් කාලගුණය වෙනුවෙන් තරගය නිමා කරන විට යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 35.2 කදී කඩුලු 5 කට ලකුණු 110 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 304 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ අවු. 17 න් පහළ පිතිකරුවෝ අද දිනයේදී ඊට පිළිතුරු ලෙස පන්දුවාර 96 කදී සියලු දෙනා දැවී ලකුනු 328 ක් රැස් කර ගත්හ. ඒ අනුව ලකුණු 24 කින් පෙරට පැමිණෙමින් පළමු ඉනිමේ වැඩි ගෞරව අත්කර ගැනීමට සංචාරක ක්‍රීඩකයන්ට හැකියාව ලැබිණ.

කඩුලු 5 කට ලකුණු 231 ක් තිබියදී අද දිනය ආරම්භ කළ බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායමේ ඉතිරි කඩුලු 5 ම ලකුණු 97 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 243 කදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු අබ්දූර් රහීම් (31) සහ රකිබුල් හොසන් (46) පන්දු 157 කදී රැස් කරන ලද ලකුණු 76 ක සම්බන්ධතාව නොවන්නට මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමේ හැකියාව සත්කාරක කණ්ඩායමට හොඳින්ම පැවැතිණ. කෙසේ වෙතත් පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන රසිත් නිම්සර ලකුනු 64 කට කඩුලු 4 ක් දවා වැඩිම කඩුලු ලාභියා වද්දී කිත්ම විදානපතිරණ ලකුණු 51 කට කඩුලු 3 ක් බිඳ හෙළිමින් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී ශතකයක් ලද රෙහාන් පීරිස් දෙවැනි ඉනිමේදීිද සාර්ථක වෙමින් ලකුණු 25 ක් රැස් කරමින් ලකුණු අතරට පැමිණියද ඔහු දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්විය.

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පළමු ඉනිම 304 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 35.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 110 යි – (රෙහාන් පීරිස් 25, නෙතුල එදිරිමාන්න 23, රජිත සමරසිංහ 05, සෙනුජ වෙනුණගොඩ 06, කිත්ම විදානපතිරණ 32, ජේසන් ප්‍රනාන්දු 10*, ජොෂුවා සෙබස්තියන් 02*, අලී රෆි 24/2, අසනුල් හක් 18/1)

බංග්ලාදේශ අවු. 17 න් පහළ පළමු ඉනිම පන්දුවාර 96 කදී සියලු දෙනා දැවී ලකුණු 328 යි – අබ්දුල්ලා මුහී 10, රිඩෝ හොසේන් 55, අද්‍රිෙටා් ගෝස් 87, සව්රව් කර්මෝකාර් 23, අසනුල් හක් 29, ෆර්හාන් සාදික් 02, රකිබුල් හොසේන් 46, අබ්දූර් රහීම් 31, අලී රාෆි 00, මමහීබුජ්ජමාන් මුහබීර් 00, අමීන් හොසේන් 00*, රසිත නිම්සර 64/4, කිත්ම විදානපතිරණ 51/3, අබීත පරණවිදාන 73/1 කලන සුභාෂණ 66/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar