slc
logo
Home   |    News
ජූලි 23, 2026
ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 60කින් පරාජය කරමින් LPL 2026 තරගාවලියේ 10 වැනි තරගයේ ජය වාර්තා කළේය.

කාසියේ වාසිය ජයගත් ජැෆ්නා කිංග්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 193ක් රැස් කළේය.

LPL 2026 තරගාවලියේ සිය මංගල තරගයට ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ලින් පන්දු 22කින් වේගවත් ලකුණු 46ක් රැස් කරමින් ඉනිමට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟිනි.

ඉන් අනතුරුව ඉනිමේ වගකීම භාරගත් සහන් ආරච්චිගේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 36කින් ලකුණු 63ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඔහුගේ ඉනිම ගෝල් ගැලන්ට්ස් ලකුණු 193ක ප්‍රබල ඉලක්කයක් කරා රැගෙන යාමට මූලික විය.

ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් වමතින් වේගපන්දු යවන දිල්ෂාන් මධුෂංක සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ලීසාඩ් විලියම්ස් කඩුලු දෙක බැගින් දවාගත්හ.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ගෝල් පන්දු යවන්නන්ගේ විනයගරුක පන්දු යැවීම හමුවේ සාර්ථක සබඳතා ගොඩනගා ගැනීමට නොහැකි වූ අතර, කණ්ඩායම පන්දුවාර 17.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 133කට සීමා විය.

එහිදී ජැෆ්නා ඉනිමේ එකම කැපී පෙනෙන පිතිහරඹය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ විස්සයි විස්ස පිටියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 39කින් ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟිනි. එහෙත් අනෙක් අන්තයෙන් අවශ්‍ය සහාය නොලැබීම හේතුවෙන් ඔහුගේ සටන්කාමී ඉනිම අපතේ ගියේය.

ගෝල් ගැලන්ට්ස් ජයග්‍රහණයේ ප්‍රධාන ශිල්පීන් වූයේ වේගපන්දු යවන ඊෂාන් මාලිංග සහ දඟපන්දු යවන තරිඳු රත්නායක ය. ඔවුන් දෙදෙනාම කඩුලු 3 බැගින් දවා ගනිමින් ජැෆ්නා පිති පෙළ සම්පූර්ණයෙන්ම බිඳ දැමූහ.

කෙටි ලකුණු සාරාංශය

ගෝල් ගැලන්ට්ස් – කඩුලු 8ක් දැවී 193 (පන්දුවාර 20)
සහන් ආරච්චිගේ 63 (36), ක්‍රිස් ලින් 46 (22), දිල්ෂාන් මධුෂංක 35/2, ලීසාඩ් විලියම්ස් 37/2,

ජැෆ්නා කිංග්ස් – සියලු දෙනා දැවී 133 (පන්දුවාර 17.5)
දුනිත් වෙල්ලාලගේ 56 (39), එෂාන් මාලිංග 13/3, තරිඳු රත්නායක 19/3

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee