slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2024
බංග්ලාදේශ අවු. 17 න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 73 ක් පසුපසින්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (07 දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුනු 304 ට පිළිතුරු ලෙස බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම කඩුලු 5 ක් දැවී 231 ක් ලබා සිටියි.

ඒ අනුව බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම තරගයේ තෙවැනි දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යෑමට නම් තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුණු 73 ක් ලබා ගත යුතු වේ.

බංග්ලාදේශ අවු. 17 න් පහළ පිල වෙනුවෙන් අද්‍රිටෝ ගෝෂ් පන්දු 144 කට මුහුණ දී ලකුණු 87 ක් ලබා ගත්තේ සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කර ගනිමිනි. ඔහුට අමතරව ආරම්භක පිතිකරු රිඩෝයි හොසේයින්  ප්දු 134 කදී ලකුණු 55 ක් ලබා ගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු අද්‍රිටෝ ගෝෂ් සහ රිඩෝයි හොසේන් පන්දු 257 කදී ලකුණු 139 ක් රැස් කරමින් බංග්ලාදේශ පිලට සාර්ථක ප්‍ර වේශයකට ඉඩ පහස විවර කර දුන්හ.

ඵලුම දිනයේදී කඩුලු 7 කට ලකුණු 286 ක් ලබා සිටි ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අද දිනයේදී ලකුණු 304 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී පෙර දිනයේදී ලකුණු 139 ක් ලබා සිටි රෙහාන් පීරිස්ට අද දිනයේදී එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙර දවා ගැනීමට අබ්දූර් රහීම් සමත් වූවේය. පන්දු 251 කින් සමන්විත වුණු රෙහාන්ගේ සුවිශේෂී ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 18 කින් වර්ණවත් කර තිබුණේය. රෙහාන්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 ම ලකුණු 16 ක් ඇතුළතදී බිද වැටිණ.

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 84.5 කදී සියලු දෙනා දැවී ලකුණු 304 යි

රෙහාන් පීරිස් 139, නෙතුල එදිරිමාන්න 03, නවෝද්‍ය සමරසිංහ 48, සෙනුජ වෙකුණගොඩ 30, කිත්ම විදානපතිරණ 28, ජෙසන් ප්‍රනාන්දු 03, ජොෂුවා සෙබස්තියන් 17, ගිම්හාන රසාංජන 01, රසිත නිම්සර 07*, අභීත පරණවිදාන 04, කලන සුබාෂණ 04, අබ්දූර් රහීම් 53/5, අහසනුල් හක් 47/3

බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම පන්දුවාාර 62.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 231 යි

අබ්දුල්ලා මුහී 10, රිඩෝයි හොසේන් 55, අද්‍රිටෝ ගෝෂ් 87, සව්රව් කර්මෝකාර් 23, අහසනුල් හක් 24*, ෆර්හාන් සදික් 02, කිත්ම විදානපතිරණ 35/2, අභීත පරනවිදාන 50/1, කලන සුබාහන 56/1, රසිත නිම්සර 41/1

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee