බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ පළමු දිනයේදී ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 286 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු රෙහාන් පීරිස් ලකුණු 139 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඒ ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 18 ක් ද ඇතුළත් කරමිනි. ඔහුට අමතරව නවෝද්‍ය සමරසිංහ අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 48 ක් ලබා සිටියදීය. එම ඉනිමට ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කර තිබුණේය.
ඉනිමේ ආරම්භක පිතිකරුවා වූ රෙහාන් පීරිස් දෙවැනි කඩුල්ලට නවෝද්‍ය සමරසිංහ සමග එක්ව ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ඉන් නොනැවතුණු රෙහාන් සෙනුජ වෙකුනගොඩ (30) සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලලකුණු 51 ක්ද ජොෂුවා සෙබස්තියන් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් ද එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ.
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල පළමු ඉනිම කඩුලු 7 ට ලකුණු 286 යි
රෙහාන් පීරිස් නොදැවී 139, නවෝද්‍ය සමරසිංහ 48, සෙනුජ වෙකුණගොඩ 30, කිත්ම විදානපතිරණ 28, ජොෂුවා සෙබස්තියන් 17, හසනුල්ලා හක් 47/3, අබ්දූර් රහීම් 42/2