slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2024
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල කඩුලු 7 ට ලකුණු 245 යි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 245 ක් ලබා සිටියි. තරගය අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 62.5 කට සීමා විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පළමු කඩුලු 2 ලකුණු 14 දී බිඳ වැටුනද තෙවැනි කඩුල්ලට එක් වුණු සෙනුජ වෙකුණගොඩ සහ ජේසන් ප්‍රනාන්දු ලකුණු 57 ක සම්බ්න්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ස්ථාවරත්වයකට රැගෙන ආහ.

කෙසේ වෙතත් ජේසන් ප්‍රනාන්දු දැවී යෑමෙන් ලකුණු පුවරුවට තවත් ලකුණු 19 ක් එක් වද්දී කිත්ම විදානපතිරණද දැවී යන වට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 කට ලකුණු 90 ක් වශයෙනි. එහෙත් කඩුලු රකින ජේසන් ප්‍රනාන්දුට එක්වුණු ජොෂුවා සෙබස්තියන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 102 ක සම්බන්ධතාවත් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. මෙම කඩුල්ලේ සම්බන්ධතාව මෙතෙක් වාර්තා වුණු ඉහළම සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය.

මෙම සම්බන්ධතාව බිඳ වැටෙන ලද්දේ ජොෂුවා සෙබස්තියන් ලකුණු 53 කදීි දැවී යෑමත් සමඟය. පන්දු 63 කට මුහුණ දුන් ජොෂුවා තම ඉනිම හතරේ පහර 9 ක් ද සමඟින් ලකුණු 53 ක් ලබා ගත්තේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් ප්‍රනාන්දු ශතකය පෙනී පෙනී ලකුණු 98 කට දැවී යෑම කණගාටුදායක විය. පන්දු 163 කට මුහුණ දුන් ජේසන් ඒ සඳහා හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කර තිබිණ.

පන්දු යැවීමේදී අසනුල් හක් සහ මහීර් චෞද්‍රි කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 62.5 කදී කඩුලු 7 කට ලකුනු 245 යි – (රෙහාන් පීරිස් 10, සෙනුජ වෙකුණගොඩ 37, ජේෂන් ප්‍රනාන්දු 98කිත්ම විදානපතිරණ 11, ජොෂුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 16*, මහීර් චෞද්‍රි 51/2, අහසනුල් හක් 25/2, අලී රාෆි 65/1, අබ්දූර් රහිම් 50/1, ෂෙයික් අකාෂ් 34/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee