slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2024
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පළමු තරගයෙන්ම ජය

sinhala editor

මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 94ක ජයක් හිමිකර ගත්තේය.

මැලේසියානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදී කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබා ගත්හ.

ලිමන්සා තිලකරත්න සහ නායිකා මනුදී නානායක්කාර පස්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වීමෙන් ලකුණු පුවරුව ශක්තිමත් වූ අතර, ලිමන්සා පන්දු 46කදී හත‍ේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර, මනුදී පන්දු 40කදී හතරේ පහර 16ක් සමඟ නොදැවී ලකුණු 74ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මැලේසියානු යොවුන් ක්‍රීඩිකාවෝ ඕවර් 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 59කට සීමා විය. දකුණත් පිට දඟ පන්දු යවන රත්ගම දේවපතිරාජ විදුහලෙන් බිහිවූ හිරුණි හංසිකා ලකුණු 2කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූවාය.

හෙට (16) දිනයේ ශ්‍රී ලංකා යොවුන් පිල හා බංග්ලාදේශ යොවුන් පිල අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 4ක් දැවී ලකුණු 153 (ඕවර් 20)
ලිමන්සා තිලකරත්න නොදැවී 41, මනුදී නානායක්කාර නොදැවී 74, දහමි සෙනිත්මා 11, අතිරේක 15 (නූර් දානියා 21/2)

මැලේසියානු කඩුලු 6ක් දැවී ලකුණු 59 (ඕවර් 20)
නූර් අයින් 12, සුබිකා මනිවන්නන් 11, අතිරේක 15 ( හිරුණි හංසිකා 2/2, රශ්මිකා සෙව්වන්දි 3/1, ‍ප්‍රමුදි මෙත්සරා 7/1, චමෝදි ප්‍රබෝධා 13/1, අසේනි තලගුනේ 6/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee