slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2024
අපරාජිත කොළඹ දකුණ ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් ශූරතාව දිනයි

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගැනීමට අපරාජත කොළඹ දකුණ පිල සමත් වූවේය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ අද (6) නිමාවූ තරගයේ සියලු ගෞරව දිනාගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ මහනුවර පිල ලකුණු 149කින් පරාජය කොට මෙම දැවැන්ත ජයග්‍රහණය වාර්තා කළහ. මුලින් පන්දුවට පහරදුන් කොළඹ දකුණ පිල කඩුලු 9කට ලකුණු 214ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ මහනුවර පිලේ සියලු දෙනා දැවී ලකුණු 65කට දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළද මුලදී යම් පසු බැසීමකට ලක්ව කඩුලු 4ක් ලකුණු 55කට බිඳ වැටුණි. අනතුරුව 5 වැනි කඩුල්ලට රෙෂාන් සොලමන්ස් හා මහිරු කොඩිතුවක්කු පන්දු 51කදී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගූ අතර, කිසිවෙතු නොසිතූ පරිදි අවසන් පිතිකරුවන් සිව්දෙනාගෙන් ලකුණු 82ක් එක්වීම කැපී පෙණුනි. එහිදී 8 වැනි කඩුල්ලට තාරුක සමන්ජිත හා අදීෂ ලක්ෂාන් පන්දු 37කදී ලකුණු 31ක සබඳතාවක් ගොඩනැගූ අතර, 9 වැනි කඩුල්ලට චනිතු කංකානම්ගේ හා තාරුක සමන්ජිත පන්දු 38කදී ලකුණු 36ක සබඳතාව කොළඹ දකුණ ඉනිමට මිල කළ නොහැකි විය.

කොළඹ දකුණ පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ චනිතු කංකානම්ගේ හා අදීෂ ලක්ෂාන් මුල් කඩුලු 4 ලකුණු 11ක් වෛද්දී දවා ගැනීමට සමත්වූ අතර, යම් දුරකට සාර්ථක වූ චනුල් කොඩිතුවක්කු හා යෙනුල් හේවාවිතාරණ පසුවැනි කඩුල්ලට පන්දු 25කදී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නැගූහ. එහෙත් ඉතිරි පිතිකරුවන්ට හිස එසැවීමට කොළඹ දකුණ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර පිලේ අවසන් පිතිකරුවන් 7ක්ම ලකුණු 25කට දවා ගැනීමට කොළඹ පිල සමත් වූහ.

කොළඹ දකුණ පිල කඩුලු 9කට ලකුණු 214 (ඕවර් 49)
රෙෂාන් සොලමන්ස් 77, මෙතුක ගුණරත්න 16, මහිරු කොඩිතුවක්කු 16, අදීෂ ලක්ෂාන් 24, තාරුක සමන්ජිත නොදැවී 32, අදීෂ ලක්ෂාන් 21, චනිතු කංකානම්ගේ 21, අති‍රේක 12 (සනිතු ගුණතිලක 29/3, සචින්ත ගුණසේකර 37/1, චනුල් කොඩිතුවක්කු 40/3, විහංග නෙතුසර 39/1, චනුත් ජයසිංහආරච්චි 28/1)

මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 65 (ඕවර් 25.5)
චනුල් කොඩිතුවක්කු 36, යෙනුල් හේවාවිතාරණ 14, අති‍රේක 6 (චනිතු කංකානම්ගේ 22/5, අදීෂ ලක්ෂාන් 17/2, මෙතුම් පුනාන්දු 19/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar