slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2024
බාළිකාවියන්ගේ කුසලාන සිහිනය බොඳ වෙයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් කඩුලු 4 ක පරාජයක් ශ්‍රී ලංකාවට අද (20 දා) අත් වින්දේය. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආසියානු කුසලාන සිහිනයද බිද වැටුණි.

ක්වාලලාම්පූර්හීදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 98 ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

ඉදිරිපෙළ පිතිකාරිණියන් සිව්දෙනාම අඩු ලකුණු වලට දැවී ගොස් තිබියදී පිටියට පිවිසි නායිකා මනුදි නානායක්කාර පන්දු 30 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 33 ක් ලබා කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගත්තාය. ඊට අමතරව සුමුදු නිසංසලා පන්දු 31 කදී ලකුණු 21 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 05 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවද තෙවැනි කඩුල්ලට එක් වුණු කමලිනී සහ ට්‍රිෂා ලකුණු 63 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එම සම්බන්ධතාව ප්‍රධාන කොට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ පන්දු 63 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. දැවී ගිය කඩුලු 6 න් කඩුලු 5 ක් චමෝදි ප්‍ර බෝධා (13/3) සහ ශෂිනි ගිම්හානි (18/2) බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 98 යි – (සුමුදු නිසංසලා 21, මනුදි නානායක්කාර 33, පරුනිකා සිස්සෝදියා 27/2, ආයුෂී ශුක්ලා 10/4)

ඉන්දීය අවු. 19 න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 14.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 102 යි – (ජී. කමලිනී 28, ගොංගාදි ට්‍රිසා 32, මිතිලා විනෝද් 17*, චමෝදි ප්‍ර බෝධා 16/3, ශෂීනි ගිම්හානි 18/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar