slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2024
ළහිරු කුමාර ටෙස්ට් කඩුලු 100 කඩයිම පසු කරයි

sinhala editor

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා සිටියේය.

ඛෙබ­ර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාං­ග­ණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ දෙවැනි ඕවරයේදීම දකුණු අප්‍රිකා පළමු කඩුල්ල බිද වැටුණු අතර, දෙවැනි කඩුල්ල ලකුණු පුවරුව 32දී හා තෙවැනි කඩුල්ල ලකුණු 44දී බිඳ දැමීට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ වුවද රයන් රිකෙල්ටන් හා ටෙම්බා බවුමා තෙවැනි කඩුල්ලට පන්දු 224කදී ලකුණු 133ක් රැස්කර ගැනීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය. ටෙම්බා බවුමා තම ටෙස්ට් දිවියේ 23වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 78කට දැවී ගියේය. රයන් රිකෙල්ටන් එක් අන්තයක් ආරක්ෂා කර තම ටෙස්ට් දිවියේ පළමු ශතකය වාර්තා කළ අතර, පන්දු 250කදී හතරේ පහර 11ක් සමඟ අගනා ලකුණු 101ක් රැස් කළේය. පළමු දිනයේ තරගය නිමා කිරීමට සූදානම් වූ අවසන් ඕවරයේදී විශ්ව ප්‍රනාන්දු දකුණු අප්‍රිකාවේ 7 වැනි කඩුලුල දවා ගැනීමට සමත් විය.

මෙම තරගයේදී වේග පන්දු යවන ළහිරු කුමාර සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට සමත් වෙමින් ටෙස්ට් කඩුලු 100 කඩයිම පසු කළේය. දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙකු වූ ඒඩියන් මාක්‍රම්ගේ කඩුල්ලට කෙළින්ම පන්දුව යොමු කරමින් ළහිරු කුමාර මෙම දස්කම දැක්වූවේය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසුකළ 9 වැනි පන්දු යවන්නා බවට ළහිරු කුමාරගේ නහ ටෙස්ට් වාර්තා පොතට එක් විය. ළහිරු මේ වනවිට තරග 33ක ඉනිම් 55කට ක්‍රීඩාකර කඩුලු 101ක් බිඳහෙලා සිටී.

හෙට මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනයයි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම

ඒඩියන් මාක්‍රම් ප. කුමාර 20
ටෝනි ඩී සෝසි ක.මුවා කළා ප. අසිත ප්‍රනාන්දු 00
රයන් රිකෙල්ටන් ඇ. නිස්සංක ප. කුමාර 101
ට්‍රිස්ටර්න් ස්ටබ්ස් ඇ. කුසල් ‍මෙන්ඩිස් ප. කුමාර 04
‍ටෙම්බා බවුමා ඇ. කුසල් ‍මෙන්ඩිස් ප. කුමාර 78
ඩේවිඩ් බෙඩින්හැම් ප. ජයසූරිය 06
කයිල් විරේයින් නොදැවී 48
මාර්කෝ ජැන්සන් ප. විශ්ව ප්‍රනාන්දු 04

අතිරේක 08
එකතුව කඩුලු 7ක් දැවී (ඕවර් 86.3කදී) 269

කඩුලු බිඳ වැටීම: 1- 0, 2 – 32, 3 – 44, 5 – 186, 6- 264, 7- 269

පන්දු යැවීම: විශ්ව ප්‍රනාන්දු 16.3 – 5 – 46 – 1, අසිත ප්‍රනාන්දු19 – 1 – 67 – 2, ළහිරු කුමාර 13 – 2 – 54 – 3, ප්‍රභාත් ජයසූරිය 29 – 4 – 74 – 1, ධනංජය ද සිල්වා 9 – 1 – 26 – 0

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar