slc
logo
Home   |    News
ජනවාරි 15, 2025
සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා කිරීමෙන්  පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණය ගෙන තිබේ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 2කින් සහ එක්දින තරග 2 කින් යුක්ත වනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා ද දෙවැනි තරගය පෙබරවාරි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි මස 12 සහ 14 යන දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණයදිවා/රාත්‍රී
ජනවාරි 29 – පෙබරවාරි 02පළමු ටෙස්ට් තරගයගාල්ල ජාත්‍යන්තරදිවා
පෙබරවාරි 06 සිට 10දෙවැනි ටෙස්ට් තරගයගාල්ල ජාත්‍යන්තරදිවා
පෙබරවාරි 12පළමු එක්දින තරගයකොළඹ ආර්. ප්‍රේමදාසදිවා
පෙබරවාරි 14දෙවැනි එක්දින තරගයකොළඹ ආර්. ප්‍රේමදාසදිවා

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee