ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස සිටියේය.
එම කණ්ඩායම් අතුරින් පොලීසිය සහ රාගම කණ්ඩායම් ඉරිදා උදෑසනම තරග ජය ගන්නා තත්ත්වයක පසුවේ.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – ඒස් කැපිටල් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ රවිඳු රෂාන්ත පන්දු 343කට මුහුණ දී හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමග ලකුණු 244ක් ලබා ද්විත්ව ශතකයක් ලැබීම මෙහි විශේෂ සිදුවීමකි.
කෝල්ට්ස් කණ්ඩායම ඒස් කැපිටල් සමග කඩුලු 9කට ලකුණු 592ක් රැස් කිරීම ද සති අන්තයේ විශේෂත්වයකි.
එස්.එස්.සී. – කැන්ඩි කස්ටම් තරගයේ දී එස්.එස්.සී. පිතිකරුවන් සිව්දෙනකුම අර්ධ ශතක වාර්තා කළහ.
- බදුරලිය – පොලීසිය
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පොලීසිය සහ බදුරලිය අතර තරගයෙන් පොලීසිය පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටී.
පළමු ඉනිමේ දී ලකුණු 125කට දැවී ගිය බදුරලිය කණ්ඩායමට පොලීසියේ දිලුම් සුධීරගේ විශිෂ්ට පන්දු යැවීම (ලකුණු 48ට කඩුලු 8යි) හමුවේ දෙවන ඉනිමේ ද ලකුණු 96කට කඩුලු 9ක් දැවී මේ වන විට පසුවන්නේ පොලීසියේ පළමු ඉනිමට වඩා ලකුණු පහක් පමණක් ඉදිරියෙනි. දිලුම් සුධීර මේ තරගයේ දී කඩුලු 13ක් දවාලීමට සමත් විය.
ඇඳිරි කාලගුණය මත මේ තරගය අද නියමිත වේලාවට පෙර නිමාවට පත්විය.
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 125 – (ගීත් කුමාර 35, සසංක නිර්මාල් 17, රනේෂ් සිල්වා 16, අලංකාර අසලංක 14, චලන ද සිල්වා 13, දිලුම් සුධීර 47/5, නලින් ප්‍රියදර්ශන 43/3)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 216 – (රශ්මික පෙරේරා 57, හේෂාන් ප්‍රනාන්දු 38, අෂේන් බණ්ඩාර 29, හිමේෂ් රාමනායක 29, ප්‍රියමල් පෙරේරා 23, චලන ද සිල්වා 61/5, චානක කොමසාරු 72/2, නිලංක ප්‍රේමරත්න 31/1)
බදුරලිය දෙවන ඉනිම කඩුලු 9ක් දැවී 96යි – (අලංකාර අසලංක නොදැවී 15, සසංක නිර්මාල් 14, ගීත් කුමාර 11, චලන ද සිල්වා 10, දිලුම් සුධීර 48/8)
- පාණදුර – රාගම
පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාණදුර ක්‍රීඩා සමාජය සහ රාගම අතර තරගයේ දී අද (11) දෙවන දින තරගය නිම වන විට පාණදුර කණ්ඩායමට මේ තරගය ජය ගැනීමට දෙවන ඉනිමේ කඩුලු දහයම ඉතිරිව ලකුණු 84ක් පමණක් අවශ්‍යව සිටියේය. ඇඳිරි කාලගුණය මත අද තරගය නියමිත වේලාවට කලින් නිමාවට පත්විය.
ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 4කට ලකුණු 108ක් ලබා සිටි පාණදුර කණ්ඩායම දෙවන දින (අද) තම පළමු ඉනිමට ලකුණු 217ක් ලබා ගත්තේ පළමු ඉනිමේ දී ලකුණු 56ක් ඉදිරියෙන් සිටිමිනි. පාණදුර වැඩිම ලකුණු ලාභියා වු ශාලිත් ප්‍රනාන්දු පන්දු 78කදී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 52ක් ලැබීය.
රාගම දෙවන ඉනිමේ දී ලකුණු 143කට දැවී ගිය අතර මොහමඩ් ඩිල්ෂාන් ලකුණු 44කට කඩුලු පහක්ම දවාලුවේය.
රාගම පළමු ඉනිම සියල්ල දැවී 161යි – (යොහාන් ලියනගේ 28, ගජිත කොටුවේගොඩ 27, දිනෙත් තිමෝද්‍ය 26, සංතූෂ් ගුණතිලක 26, රමිත් ජයසේන 12, මොහමඩ් ඩිල්ෂාඩ් 44/5, ඉම්තියාස් ස්ලාසා 51/3)
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 217යි – (ශාලිත් ප්‍රනාන්දු 52, රමිඳ විජේසූරිය 43, රුමේෂ් බුද්ධික 25, ළහිරු දෙවටගේ 19, සංතූෂ් ගුණතිලක 58/4, ශෂික දිල්ෂාන් 75/4)
රාගම දෙවන ඉනිම සියල්ල දැවී 143යි – (නිපුන් මාලිංග 41, සංජය චතුරංග 29, යොහාන් ලියනගේ 25, රන්මිත් ජයසේන 24, දිනෙත් තිමෝද්‍ය 14, මොහමඩ් ඩිල්ෂාන් 54/5, නිමේෂ් විමුක්ති 20/4)
පාණදුර දෙවන ඉනිම කිසිවකු නොදැවී 04
- එන්.සී.සී. – ටැමිල් යුනියන්
වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්.සී.සී. – ටැමිල් යුනියන් තරගයේ දී එන්.සී.සී. මේ වන විට දෙවන ඉනිමේ දී කඩුලු තුනක් ඉතිරිව ලකුණු 202ක් පමණක් ඉදිරියෙන් සිටින අතර ඉරිදා (12) අවසාන දිනයේ තියුණු තරගයක් අපේක්ෂා කළ හැකි වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ටැමිල් යුනියන් පළමු ඉනිමේ දී ලකුණු 30කට කඩුලු තුනක් දවා නැවත දස්කම් අතරට පිවිසෙමින් සිටී.
එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 283 – (නිරෝෂන් දික්වැල්ල 108, කවීන් බණ්ඩාර 44, ළහිරු උදාර 39, කමිල් මිෂාර 23, දුෂ්මන්ත චමීර 23, විජයකාන්ත් වියස්කාන්ත් 49/3, නවෝද් පරණවිතාන 32/2, විහස් තෙව්මික 47/2, තරිඳු රත්නායක 76/2යි)
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 262 – (මොහමඩ් සමාස් 51, නවෝද්‍ය පරණවිතාන 50, තුලින දිල්ෂාන් 40, තරිඳු රත්නායක 38, සිතාර හපුහින්න 21, තරුෂ ප්‍රනාන්දු 21, විජයකාන්ත් වියස්කාන්ත් 10, දුෂ්මන්ත චමීර 30/3, අසේල සිගේරා 28/2)
එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 7ට 181යි – (අහන් වික්‍රමසිංහ 49, කමිල් මිෂාර 33, සහන් ආරච්චි 31, ළහිරු උදාර 29, නිරෝෂන් දික්වැල්ල 26, නවෝද්‍ය පරණවිතාන 20/2, විහස් තෙව්මික 44/2, තරිඳු රත්නායක 69/2)
- සී.සී.සී. – නුගේගොඩ ක්රීඩා සහ සුබ සාධක සමාජය
සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.සී.සී. – නුගේගොඩ ක්රීඩා සහ සුබ සාධක තරගයේ දී සී.සී.සී. ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 141කදී හතරේ පහර 15ක් හයේ පහර හතක් සමග ලකුණු 150ක් ද සොනාල් දිනුෂ පන්දු 88කදී හතරේ හතක් හයේ පහර තුනක් සමග නොදැවී ලකුණු 88ක් ද ලබා පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වීය.
සී.සී.සී. මේ වන විට කඩුලු පහක් ඉතිරිව පළමු ඉනිමේ දී නුගේගොඩ පිලට වඩා ලකුණු 45ක් ඉදිරියෙන් පසු වේ.
නුගේගොඩ ක්රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී 316 – (අවිශ්ක පෙරේරා 106, කෙවින් පෙරේරා 49, රාහුල් ගුණසේකර 37, ඩිලාන් ජයලත් 30, ඇන්ජලෝ පෙරේරා 26, චමත් ගෝමස් 22, ධනංජය ද සිල්වා 72/4, සොනාල් දිනුෂ 55/2, ඉසුරු උදාන 26/2, චමිඳු විජේසිංහ 72/2යි)
සී.සී.සී. පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 5ට 361යි – (ලසිත් කෘෘස්පුල්ලේ 150, සොනාල් දිනුෂ නොදැවී 88, ධනංජය ද සිල්වා 29, මිනෝද් භානුක 28, චමිඳු විජේසිංහ 14, තිලකරත්න සම්පත් 86/3, චාමිකර එදිරිසිංහ 119/2)
- හලාවත මේරියන්ස් – මීගමුව
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හලාවත මේරියන්ස් – මීගමුව අතර තරගයේ දී පළමුව පන්දුවට පහරදෙන හලාවත මේරියන්ස් ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 4කට ලකුණු 272ක් ලබා සිටියත් අද (11) කඩුලු අටකට ලකුණු 375ක් රැස් කර සිටි අවස්ථාවේ දිවා කාලයේ මඳ වර්ෂාවක් ද සවස ඇඳිරි කාලගුණය මත ද තරගය නතර කැරිණි.
ෂෙහාන් ජයසූරිය මෙදින අර්ධ ශතකයක් (ලකුණු 52යි පන්දු 100යි හතරේ පහයි) පැතුම් කුමාර ලකුණු 34ක් ද රැස් කළහ.
හලාවත මේරියන්ස් පළමු ඉනිම කඩුලු 8ට 375යි – (ලසිත් ලක්ෂාන් 94, තීක්ෂල ද සිල්වා නොදැවී 69, ෂෙහාන් ජයසූරිය 52, අෂාන් රන්දික 36, පැතුම් කුමාර 34, චමෝද් සඳරු 20, චනුර ප්‍රනාන්දු 69/3, හංසජ හිරුණ 70/2)
- කැන්ඩි කස්ටම් – එස්.එස්.සී.
තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. තරගයේ දී පළමු ඉනිමේ දී කැන්ඩි කස්ටම් සියල්ල දැවී රැස් කළ ලකුණු 424ට පිළිතුරු ලෙස එස්.එස්.සී. දෙවන දින තරගය නිම වන විට කඩුලු හයකට ලකුණු 352ක් රැස් කර පළමු ඉනිමේ දී දැනට ලකුණු 72ක් පිටුපසින් සිටින්නේ කඩුලු හතරක් ද ඉතිරිව තිබියදීය.
එස්.එස්.සී. පිතිකරුවන් සිව්දෙනකු අර්ධ ශතක ලබද්දී සියලු පිතිකරුවන් ලකුණු අතරට පිවිසියහ. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න ලකුණු 73යි (පන්දු 81යි හතරේ 11යි) සහ සදීෂ රාජපක්ෂ ලකුණු 51ක් (පන්දු 100යි හතරේ හයයි) ප්‍රථම කඩුල්ලට ලකුණු 129ක් (පන්දුවාර 29.3කදී) රැස් කළහ. මීට අමතරව සසිඳු මල්ෂාන් නොදැවී ලකුණු 64ක් ද (පන්දු 101යි හතරේ නවයයි) ක්‍රිෂාන් සංජුල ලකුණු 59ක් ද (පන්දු 94යි හතරේ හයයි හයේ දෙකයි) දිනුර කළුපහන නොදැවී ලකුණු 38ක් ද රැස් කළහ.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 424යි – (සහන් කෝසල 128, මනෝජ් සරත්චන්ද්‍ර 68, රොස්කො තටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව 37, සහන් අදීෂ 19, ඉමල් ලියනගේ 17, ප්‍රභාත් ජයසූරිය 160/4, කවිඳු නදීෂාන් 71/3, දිනුර කළුපහන 91/2)
එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 6ට 352 – (දිමුත් කරුණාරත්න 73, සසිඳු මල්ෂාන් නොදැවී 64, ක්‍රිෂාන් සංජුල 59, සදීෂ රාජපක්ෂ 51, දිනුර කළුපහන නොදැවී 38, මනෝජ් සරත්චන්ද්‍ර 21, ෂෙවොන් ඩැනියල් 20, සහන් අදීෂ 70/2, සචිත්‍ර පෙරේරා 70/2)
- බී.ආර්.සී. – කුරුණෑගල තරුණ
වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී බී.ආර්.සී. සහ කුරුණෑගල තරුණ කණ්ඩායම් දෙකම මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන අතර කණ්ඩායම් දෙකම ලබා සිටින්නේ අඩු ලකුණු සංඛ්‍යාවන්ය.
බී.ආර්.සී. ප්‍රථම දින ලැබු ලකුණු 230 හඹා යන කුරුණෑගල තරුණ අද (11) දිනයේ දී මුල් ඉනිම සඳහා මේ වන විට ලබා සිටින්නේ කඩුලු 7කට ලකුණු 168කි.
බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 230 – (රිසිර වීරසූරිය 99, දිනුර අබේවික්‍රම 35, මොවින් සුබසිංහ 27, නවිනිඳු නිර්මාල් 16, චාමික හීනටිගල 14, දිලංක අවුවාඩ් 98/3, දිනුෂ්ක මාලන් 24/2, ළහිරු ජයරත්න 53/2)
කුරුණෑගල තරුණ පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 7ට 168යි – (ගයන වීරසිංහ 60, සමීර සඳමල් 35, දිල්හාර පොල්ගම්පල 23, මලින්ද පුෂ්පකුමාර 62/3, නවීන් ප්‍රනාන්දු 31/2යි)
- කෝල්ට්ස් – ඒස් කැපිටල්
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් – ඒස් කැපිටල් තරගයේ දී මුලින් පන්දුවට පහරදෙන කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 9කට ලකුණු 592ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලැබීය.
කෝල්ට්ස් ආරම්භක පිතිකරු රවිඳු රසන්ත මෙහිදී පන්දු 343කට මුහුණ දී හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමග ලකුණු 244ක් රැස් කිරීමට සමත් විය.
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 9ට 592 – (රවිඳු රෂාන්ත 244, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70, ධනංජය ලක්ෂාන් 63, කවිෂ්ක අංජුල 33, රොෂාන් ජයතිස්ස 125/5යි)
ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 4ට 170යි – (තනුක දාබරේ 99, පවන්ත වීරසිංහ 19, ක්‍රිෂ්ණ ශ්‍රී රාම් 28/3)