slc
logo
Home   |    News
ජනවාරි 28, 2025
දුවිඳුගෙන් පන්දුවෙන් දස්කම්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ දිනවල පැවැත්වෙන ඒස් කැපිටල් – හලාවත මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේ දෙවන දින (27) නිමා වන විට ඒස් කැපිටල් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 324ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් කඩුලු අටකට ලකුණු 223ක් ලබා පළමු ඉනිමේ තවත් ලකුණු 101ක් පිටුපසින් පසු වෙමිනි.

 හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති මේ වන විට තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් සිටින්නේ ලකුණු 57කට කඩුලු තුනක් දවා පසුව පන්දුවට පහර දෙන අවස්ථාවේ නොදැවී ලකුණු 54ක් රැස් කර ගනිමිනි. ඔහුට අමතරව දුවිිඳු තිලකරත්න හලාවත මේරියන්ස් පිල වෙනුවෙන් ලකුණ 68 කට කඩුලු 5 ක් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 ඒස් කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස ගේ (ලකුණු 67ට කඩුලු 4යි) දක්ෂ පන්දු යැවීම හමුවේ හලාවත මේරියන්ස් දෙවන දින (27) තරගය නතර කරන විට කඩුලු අටක් දැවී සිටියේ ලකුණු 223ක් රැස් කරද්දීය.

හලාවත මේරියන්ස් අද (27) උදෑසන සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ඒස් කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස (67/4) සහ වනුජ සහන්ගේ (65/2) දක්ෂ අයුරින් පන්දු යැවීම හමුවේ දිනය නිම වන විට මේරියන්ස් කඩුලු 8කට ලබා සිටියේ 223කි. දුෂාන් විමුක්ති නොදැවී 54ක් (පන්දු 155යි හතරේ හතරයි හයේ පහරයි) රැස් කර පිතිකරුවන් අතර කැපී පෙනුණි.

ඒස් කැපිටල් පළමු ඉනිම 324 – (ෂම්මු අෂාන් 79, සකුන ලියනගේ 62, පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවින් ද සිල්වා 30, හර්ෂණ කුරේ 28, වනුජ සහන් 20, තනුක දාබරේ 18, දුවිඳු තිලකරත්න 68/5, දුෂාන් විමුක්ති 57/3)

 හලාවත මේරියන්ස් පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 8ට 223යි – (දුෂාන් විමුක්ති නොදැවී 54, කසුන් විදුර 31, සුමිඳ ලක්ෂාන් 29, තීක්ෂල ද සිල්වා 25, ෂෙහාන් ජයසූරිය 23, විශ්ව චතුරංග 18, රොෂාන් ජයතිස්ස 67/4, වනුජ සහන් 65/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee