සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර අද හැමිල්ටන්හිදී පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 113කින් ජයගත් නවසීලන්තය තරග 3කින් සමන්විත තරගාවලියේ ජය 2-0ක් ලෙස සතුකර ගත්තේය.
වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පැය දෙකහමාරක් පමණ ප්‍රමාද වූ තරගයේ ඉනිමක් ඕවර 37කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30.2කදී සියල්ලන් දැවී ලකුණු 142කට සිමා විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් නවසීලන්තය පන්දුවට පහරදුන් අතර, සාර්ථක ආරම්භයක් දුන් රචින් රවින්ද්‍ර පන්දු 63කදි හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 79ක් රැස් කළ අතර, මාක් චැප්මන් පන්දු 52කදි හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 62ක් රැස් කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු ත්‍රිත්වයක් ද සමඟ කඩුලු 4ක් දවා ගැනීම විශේෂත්වයක් විය. 35 වැනි ඕවරයේ 5 වැනි පන්දුවෙන් මිචෙල් සැන්ට්නර් දවාගත් තීක්ෂණ ඊළඟ පන්දුවෙන් නේදන් ස්මිත්ගේ කඩුල්ල බිඳ දැමූ අතර, 37 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් මැට් හෙන්රි දවා ගත්තේ සිය කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි. ජගත් එක්දින පිටියේ ශ්‍රී ලංකා වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තාවූ 10 වැනි අවස්ථාව මෙය වන අතර, මෙයට පෙර ලසිත් මාලිංග , චමින්ද වාස් , ෆර්වෙස් මහරුෆ්, තිසර පෙරේරා, වනිඳු හසරංග සහ ශෙහාන් මධුෂංක එක්දින කඩුලු ත්‍රිත්ව වාර්තා කළහ.
ශ්‍රී ලංකා පළමු කඩුලු 4 ලකුණු 22ක් තුළ දැවී යද්දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 66කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 64ක් රැස් කළේය. ජනිත් ලියනගේ ලකුණු 22ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 17ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී විල් ඕ’රූකී කඩුලු 3ක් සහ ජෙකම් ඩෆී කඩුලු 2ක් දවා ගත්හ.
ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගය 11දා ඕක්ලන්ඩ්හිදී පැවැත්වේ.
නවසීලන්තය
විල් යංග් ප.අසිත 16
රචින් රවින්ද්‍ර ඇ.අසලංක ප.හසරංග 79
මාක් චැප්මන් ඇ.(නුවනිඳු) ප.තීක්ෂණ 62
ඩැරිල් මිචෙල් ඇ.අසිත ප.මාලිංග 38
ටොම් ලැතම් දුවද්දි දැවී ගියා 01
ග්ලෙන් පිලිප්ස් ඇ.චමිඳු ප.හසරංග 22
මිචෙල් සැන්ට්නර් ඇ.චමිඳු ප.හසරංග 20
නේදන් ස්මිත් ඇ.කමිඳු ප.තීක්ෂණ 00
මැට් හෙන්රි ඇ.(නුවනිඳු) ප.තීක්ෂණ 01
ජෙකබ් ඩෆී නොදැවී 00
විල් ඕ’රූකී නොදැවී 03
අතිරේක 13
එකතුව කඩුලු 9ක් දැවී (ඕවර 37) 255
කඩුලු බිඳ වැටීම: 1-31, 2-143, 3-168, 4-170, 5-217, 6-247, 7-247, 8-251, 9-251
පන්දු යැවීම: අසිත 7-0-54-1, තීක්ෂණ 8-0-44-4, මාලිංග 7-0-54-1, අසලංක 3-0-24-0, හසරංග 8-0-39-2, ලියනගේ 3-0-21-0, චමිඳු 1-0-10-0.
ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ඇ.සැන්ට්නර් ප.ඩෆී 01
අවිශ්ක ප්‍රනාන්දු ඇ.පිලිප්ස් ප.හෙන්රි 10
කුසල් මෙන්ඩිස් ඇ.ලැතම් ප.ඩෆී 02
කමිඳු මෙන්ඩිස් ඇ.මිචෙල් ප.ඕ’රූකී 64
චරිත් අසලංක දුවද්දි දැවී ගියා 04
ජනිත් ලියනගේ ඇ.ලැතම් ප.ස්මිත් 22
චමිඳු වික්‍රමසිංහ දුවද්දි දැවී ගියා 17
වනිඳු හසරංග ප.සැන්ට්නර් 01
මහීෂ් තීක්ෂණ ඇ.මිචෙල් ප.ඕ’රූකී 06
ඒෂාන් මාලිංග ඇ.ස්මිත් ප.ඕ’රූකී 04
අසිත ප්‍රනාන්දු නොදැවී 00
අතිරේක 11
එකතුව සියල්ලන් දැවී (ඕවර 30.2) 142
කඩුලු බිඳ වැටීම: 1-6, 2-18, 3-18, 4-22, 5-79, 6-126, 7-129, 8-131, 9-136, 10-142
පන්දු යැවීම: හෙන්රි 5-1-19-1, ඩෆී 5-1-30-2, ඕ’රූකී 6.2-0-31-3, ස්මිත් 7-1-34-1, සැන්ට්නර් 5-0-14-1, මිචෙල් 2-0-13-0.