ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ එස්එස්සී – නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයේ 24 හැවිරිදි කෙවින් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කෙවින් පෙරේරා පළමු පෙළ තරගයකදී වැඩිම ලකුණු ගණනද අද දිනයේ වාර්තා වුණි.
එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ පිලට ආරාධනා කළ හෙයින් පළමු ඉනිමට ලකුණු 311ක් වාර්තා විය. එහිදී කෙවින් පෙරේරා පන්දු 126කදී හතරේ පහර 20ක් සමඟ අගනා ලකුණු 116ක් වාර්තා තළ අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් ලබා ගත්තේය.
නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 311 (ඕවර් 67.5)
පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමික එදිරිසිංහ 43, අතිරේක 25 ( දිනුර කලුපහන 72/3, අක්මාල් ෆස්ලි 65/2, ප්‍රභාත් ජයසූරිය 63/3, දසුන් ශානක 44/2)
එස්එස්සී පළමු ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 81 (ඕවර් 16)
දිමුත් කරුණාරත්න නොදැවී 33, ත්‍රිෂාන් සංජ්ල නොදැවී 36, අතිරේක 5 ( චතුරංග දිල්ෂාන් අබේරත්න 19/1)
මේරියන්ස් – පොලිස්
පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – පොලිස් අතර තරගයේදී පොලිස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට හලාවත පිලට ආරාධනා කළේය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 148 (ඕවර් 37)
ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ෂෙහාන් ජයසූරිය 32, පැතුම් කුමාර 28, රවීන් යසස් 18, අතිරේක 7 ( චතුරංග කුමාර 17/2, දිලුම් සුධීර 21/6)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 93 (ඕවර් 76.1)
අවිශ්ක තරිදු 30, ප්‍රියමාල් පෙරේරා නොදැවී 31, අතිරේක 9 දුවිඳු තිලකරත්න 29/3)
බදුරලිය – පානදුර
පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති බදුරලිය ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේදී කාසියේ වා සිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව බදුරලිය ක්‍රීඩා සමාජයට ලබා දුන්නේය.
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 186 (ඕවර් 63.3)
දුනිත් ජයතුංග 28, ලියෝ ෆ්‍රැන්සිස්කො 16, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, අතිරේක 12 ( රනිත් ලියනාරච්චි 13/2, නිමේෂ් විමුක්ති 60/4, විශ්ව ළහිරු තුමාර 28/3)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 59 (ඕවර් 24)
ළහිරු දෙවටගේ නොදැවී 28, ඉරෝෂ් සමරසූරිය නොදැවී 31
ඒස් කැපිටල් – රාගම
මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා රාගම කන්‍රිකට් සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් රාගම පිල මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් පිලට ආරාධනා කළේය. පළමු දින ඕවර් 49ක් යවා තිබියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා දැමුණි.
ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 162 (ඕවර් 49)
පවන්ත රත්නායක 23, උදයශාන්ත පරාක්‍රම 24, රවීන් ද සිල් වා නොදැවී 54,ශම්මු අහාන් 20, හර්ෂ කුරේ 18, අතිරේක 14 (යොහාන් ලියනගේ 10/1)
කෝල්ට්ස් – බ්ලුම්ෆීල්ඩ්
කෝල්ට්ස් පිටියේ ආරම්භ වූ කෝල්ට්ස් – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කළේය.
කෝල්ට්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 278 (ඕවර් 90)
සංගීත් කුරේ 33, ඇක්ජලෝ මැතිව්ස් 88, සනෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිෂ්ක අංජුල නොදැවී 82, අතිරේක 6 (ඉසිත විජේසුන්දර 44/2, මිහිරංග නිම්සර 58/2, සහන් නානායක්කාර 47/2)
කැන්ඩි කස්ටම් – කුරුණෑගල
කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගයේ කුරුණෑගල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවයට පහරදීමට කැන්ඩි කස්ටම් පිලට ආරාධනා කළේය.
කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 260 (ඕවර් 90)
මලිඳු මධුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල නොදැවී 69, මිතුන් ජයවික්‍රම නොදැවී 26, අතිරේක 4 (ළහිරු ජයරත්න 62/2, කවිෂ්ක දිල්ෂාන් 93/3)
එන්සීසී – බීආර්සී
එන්සීසී පිටියේ පැවැති බීආර්සී හා එන්සීසී අතර තරගයේදී එන්සීසී පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය.
බීආර්සී පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 226 (ඕවර් 80.4)
දේශාන් ඩයස් 74, ඩිල්ෂාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, අතිරේක 8 (චාමික කරුණාරත්න 27/3, අශේන් ඩැනියෙල් 36/5)
එන්සීසී පිල පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 25 (ඕවර් 3)
නිරෝෂන් දික්වැල්ල නොදැවී 16, ළහිරු උදාර නොදැවී 5, අතිේක 4
මුවර්ස් – ටැමිල් යූනියන්
පී. සරා පිටියේදී පැවැති මුවර්ස් හා ටැමිල් යූනියන් අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් පිල දිනය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 327ක් ලබා සිටියේය.
මුවර්ස් පිල පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 327 (ඕවර් 90)
ජනිෂ්ක පෙරේරා 28, සොහාන් ඩි ලිවේරා 79, සධීර සමරවික්‍රම 59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 88, සිතාර ගිම්හාන 33, රමේෂ් මෙන්ඩිස් නොදැවී 21, අතිරේක 8 (තරිඳු රත්නායක 130/2)