slc
logo
Home   |    News
ජනවාරි 12, 2025
පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ

sinhala editor

ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

 මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – 11) තරග නිම වන විට ජයග්‍රහණ අභියසම සිටි හෙයින් ඔවුන් අද දිනයේ මුහුණ දුන්නේ පන්දුවාර ස්වල්පයකට පමණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කරයි.

 අද (12) උදෑසන සිටම ඇද හැලුණ වර්ෂාව මත තරග සියල්ලටම බාධා ඇති විණි.

 කෙසේ වුව ද අද දිනයේ වූ විශේෂ සිදුවීමක් වුයේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ සොනාල් දිනුෂ පන්දු 108කට මුහුණ දී හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් සමග ලකුණු 107ක් රැස් කිරීමය. සොනාල් දිනුෂ පෙර දින නොදැවී ලකුණු 88ක් ලබා සිටියේය.

 එම කණ්ඩායමේ ඉසුරු උදාන පන්දු 12කට මුහුණ දී  හයේ හතරක් සමග වේගවත් ලකුණු 26ක් රැස් කළේය.

 එන්.සී.සී. – ටැමිල් යුනියන්, හලාවත මේරියන්ස් – මීගමුව සහ බී.ආර්.සී. – කුරුණෑගල තරුණ තරග පන්දුවක්වත් නොයවා නතර කැරිණි.

  • පාණදුර – රාගම – පාණදුර කඩුලු පහකින් ජයගනී

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති පාණදුර – රාගම තරගයෙන් පාණදුර කණ්ඩායම කඩුලු පහක ජයක් ලැබීය. පාණදුර පිලට ජය ලැබීමට දෙවන ඉනිමේ ලකුණු 88ක් අවශ්‍ය වු අතර ඔවුන් කඩුලු පහක් දැවී ලකුණු 91ක් ලබා ජය වාර්තා කළේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඕෂද ප්‍රනාන්දු (28) සහ ඉරෝෂ් සමරසූරිය (28) ප්‍රථම කඩුල්ලට ලකුණු 49ක් ලැබීය.

රාගම පළමු ඉනිම සියල්ල දැවී 161යි – (යොහාන් ලියනගේ 28, ගජිත කොටුවේගොඩ 27, දිනෙත් තිමෝද්‍ය 26, සංතූෂ් ගුණතිලක 26, රමිත් ජයසේන 12, මොහමඩ් ඩිල්ෂාඩ් 44/5, ඉම්තියාස් ස්ලාසා 51/3)

 පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 217යි – (ශාලිත් ප්‍රනාන්දු 52, රමිඳ විජේසූරිය 43, රුමේෂ් බුද්ධික 25, ළහිරු දෙවටගේ 19, සංතූෂ් ගුණතිලක 58/4, ශෂික දිල්ෂාන් 75/4)

රාගම දෙවන ඉනිම සියල්ල දැවී 143යි – (නිපුන් මාලිංග 41, සංජය චතුරංග 29, යොහාන් ලියනගේ 25, රන්මිත් ජයසේන 24, දිනෙත් තිමෝද්‍ය 14, මොහමඩ් ඩිල්ෂාන් 54/5, නිමේෂ් විමුක්ති 20/4)

 පාණදුර දෙවන ඉනිම කඩුලු 5ට 91 – (ඕෂද ප්‍රනාන්දු 28, ඉරෝෂ් සමරසූරිය 28, රමිඳ විජේසූරිය 13, ශෂික දුල්ෂාන් 29/3)

  • පොලීසිය – බදුරලිය – පොලීසිය කඩුලු 9කින් ජය ලැබීය

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති පොලීසිය සහ බදුරලිය අතර තරගයේ අවසාන දිනයේ දී (12) බදුරලිය දෙවන ඉනිමේ පෙර දින කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු 96ට දැවී ගිය අතර ජයග්‍රහණයට පොලීසියට අවශ්‍ය වුයේ ලකුණු හයක් පමණකි.

 පොලීසිය කඩුල්ලක් දැවී ලකුණු නවයක් රැස් කරමින් මේ පහසු ජය අත්කර ගත්තේය.

බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 125 – (ගීත් කුමාර 35, සසංක නිර්මාල් 17, රනේෂ් සිල්වා 16, අලංකාර අසලංක 14, චලන ද සිල්වා 13, දිලුම් සුධීර 47/5, නලින් ප්‍රියදර්ශන 43/3)

පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 216 – (රශ්මික පෙරේරා 57, හේෂාන් ප්‍රනාන්දු 38, අෂේන් බණ්ඩාර 29, හිමේෂ් රාමනායක 29, ප්‍රියමල් පෙරේරා 23, චලන ද සිල්වා 61/5, චානක කොමසාරු 72/2, නිලංක ප්‍රේමරත්න 31/1)

බදුරලිය දෙවන ඉනිම සියල්ල දැවී 96යි – (අලංකාර අසලංක 15, සසංක නිර්මාල් 14, ගීත් කුමාර 11, චලන ද සිල්වා 10, දිලුම් සුධීර 50/8, දිලීප ජයලත් 22/2)

පොලීසිය දෙවන ඉනිම කඩුලු 1ට 9යි

  • සී.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය තරගය ජය පැරැදුමින් තොරව නිම වේ.

 මේ තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ සොනාල් දිනුෂ පන්දු 108ක දී හතරේ හතක් හයේ හතරක් සමග ලකුණු 107ක් ද ඉසුරු උදාන පන්දු 12කදී හයේ හතරක් සමග වේගවත් ලකුණු 26ක් ද ලැබීය.

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී 316 – (අවිශ්ක පෙරේරා 106, කෙවින් පෙරේරා 49, රාහුල් ගුණසේකර 37, ඩිලාන් ජයලත් 30, ඇන්ජලෝ පෙරේරා 26, චමත් ගෝමස් 22, ධනංජය ද සිල්වා 72/4, සොනාල් දිනුෂ 55/2,  ඉසුරු උදාන 26/2, චමිඳු විජේසිංහ 72/2යි)

සී.සී.සී. පළමු ඉනිම කඩුලු 7ට 434යි – (ලසිත් කෘෘස්පුල්ලේ 150, සොනාල් දිනුෂ 107, අංජල බණ්ඩාර නොදැවී 47, ධනංජය ද සිල්වා 29, මිනෝද් භානුක 28, ඉසුරු උදාන 26, තිලකරත්න සම්පත් 113/4, චාමිකර එදිරිසිංහ 130/3)

  • එන්.සී.සී. – ටැමිල් යුනියන් – ජය පරාජ නෑ

 වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – ටැමිල් යුනියන් තරගය ජය පැරැදුමින් තොරව නිම විය. අද (12) මේ තරගය සම්පූර්ණයෙන්ම නොපැවැත් විණි.

 එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 283 – (නිරෝෂන් දික්වැල්ල 108, කවීන් බණ්ඩාර 44, ළහිරු උදාර 39, කමිල් මිෂාර 23, දුෂ්මන්ත චමීර 23, විජයකාන්ත් වියස්කාන්ත් 49/3, නවෝද් පරණවිතාන 32/2, විහස් තෙව්මික 47/2, තරිඳු රත්නායක 76/2යි)

ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 262 – (මොහමඩ් සමාස් 51, නවෝද්‍ය පරණවිතාන 50, තුලින දිල්ෂාන් 40, තරිඳු රත්නායක 38, සිතාර හපුහින්න 21, තරුෂ ප්‍රනාන්දු 21, විජයකාන්ත් වියස්කාන්ත් 10, දුෂ්මන්ත චමීර 30/3, අසේල සිගේරා 28/2)

එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 7ට 181යි – (අහන් වික්‍රමසිංහ 49, කමිල් මිෂාර 33, සහන් ආරච්චි 31, ළහිරු උදාර 29, නිරෝෂන් දික්වැල්ල 26, නවෝද්‍ය පරණවිතාන 20/2, විහස් තෙව්මික 44/2, තරිඳු රත්නායක 69/2)

  • හලාවත මේරියන්ස් – මීගමුව – තරගය ජය පරාජ නෑ

 සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – මීගමුව අතර තරගය ද විසඳුමකින් තොරව නිම විය. අද (12) මේ තරගය සම්පූර්ණයෙන්ම නොපැවැත් විණි.

හලාවත මේරියන්ස් පළමු ඉනිම කඩුලු 8ට 375යි – (ලසිත් ලක්ෂාන් 94, තීක්ෂල ද සිල්වා නොදැවී 69, ෂෙහාන් ජයසූරිය 52, අෂාන් රන්දික 36, පැතුම් කුමාර 34, චමෝද් සඳරු 20, චනුර ප්‍රනාන්දු 69/3, හංසජ හිරුණ 70/2)

  • බී.ආර්.සී. – කුරුණෑගල තරුණ ජය පැරැදුමින් තොරව නිම වේ.

 වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති බී.ආර්.සී. – කුරුණෑගල තරුණ තරගය ද පන්දුවක්වත් නොයවා ජය පැරැදුමකින් තොරව නිමාවට පත් විය.

බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 230 – (රිසිර වීරසූරිය 99, දිනුර අබේවික්‍රම 35, මොවින් සුබසිංහ 27, නවිනිඳු නිර්මාල් 16, චාමික හීනටිගල 14, දිලංක අවුවාඩ් 98/3, දිනුෂ්ක මාලන් 24/2, ළහිරු ජයරත්න 53/2)

කුරුණෑගල තරුණ පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 7ට 168යි – (ගයන වීරසිංහ 60, සමීර සඳමල් 35, දිල්හාර පොල්ගම්පල 23, මලින්ද පුෂ්පකුමාර 62/3, නවීන් ප්‍රනාන්දු 31/2යි)

  • කෝල්ට්ස් – ඒස් කැපිටල්  – තරගය ද ජය පරාජයෙන් තොරයි

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් – ඒස් කැපිටල් තරගය ජය පරාජයෙන් තොරව නිම විය.

කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 9ට 592 – (රවිඳු රෂාන්ත 244, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70, ධනංජය ලක්ෂාන් 63, කවිෂ්ක අංජුල 33, රොෂාන් ජයතිස්ස 125/5යි)

ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 4ට 213යි – (තනුක දාබරේ 99, පවන්ත වීරසිංහ 19, ෂම්මු අෂාන් නොදැවී 37, දනාල් හේමානන්ද නොදැවී 20, රවීන් ද සිල්වා 18,  ක්‍රිෂ්ණ ශ්‍රී රාම් 58/3)

  • කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. ජය පරාජයෙන් තොරව නිම වේ

 තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. විසඳුමකින් තොරව නිමාවට පත්විය.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 424යි – (සහන් කෝසල 128, මනෝජ් සරත්චන්ද්‍ර 68, රොස්කො තටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව 37, සහන් අදීෂ 19, ඉමල් ලියනගේ 17, ප්‍රභාත් ජයසූරිය 160/4, කවිඳු නදීෂාන් 71/3, දිනුර කළුපහන 91/2)

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 6ට 382 – (දිමුත් කරුණාරත්න 73, සසිඳු මල්ෂාන් නොදැවී 78, ක්‍රිෂාන් සංජුල 59, සදීෂ රාජපක්ෂ 51, දිනුර කළුපහන නොදැවී 50, මනෝජ් සරත්චන්ද්‍ර 21, ෂෙවොන් ඩැනියල් 20, සහන් අදීෂ 87/2, සචිත්‍ර පෙරේරා 70/2)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee