slc
logo
Home   |    News
ජනවාරි 21, 2025
බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි

sinhala editor

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක වන, වර්තමාන ක්‍රිකට් විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන දේදුණු ද සිල්වා තේරී පත්ව සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 42 කට සහ පන්දුවාර විස්සයි-20 තරග 6 කට ක්‍රීඩා කර ඇති දේදුණු ද සිල්වා වැඩි කාලයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක ලෙසින් කටයුතු කළාය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇය විනිසුරුකරණය තෝරා ගත්තාය. මෙවර බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දේදුණුගේ පළමු බාළිකා ලෝක කුසලාන තරගාවලිය නොවන අතර ඇය මීට පෙර පළමු වතාවට පැවැති බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද විනිසුරුවරියක ලෙසින් කටයුතු කළාය. එම තරගාවලියේදී පැවැති අවසන් මහ තරගය වූ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයේ රූපවාහිනී විනිසුරුවරිය ලෙසින්ද කටයුතු කරන ලද්දේ දේදුණු ද සිල්වා වීම කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee