slc
logo
Home   |    News
ජනවාරි 23, 2025
‘වෝන් – මුරලි‘ කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

‘වෝන් – මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරග නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර www.srilankacricket.lk වෙබ් අඩෙවියට පිවිසීමෙන් මිලදී ගත හැක.

ඊට අමතරව මේ මස 27 වැනිදා සිට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා කවුලු දෙකක් ද ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ. කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එම ප්‍රවේශපත්‍ර කවුලු තරගාවලිය අවසන් වන තෙක්ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

තරගාවලියේ ප්‍රවේශපත්‍ර රු. 500 මුදලේ සිට 12,500 දක්වා මිල ගණන් යටතේ අලෙවි වේ. ගාල්ල සමනල පාලමට යාබදව පිහිටා ඇති තෘණ භූමි පෙදෙසේ ප්‍රවේශපත්‍රයක් රු. 500 මිල ගණන් යටතේ අළෙවි වෙනු ඇත.

ප්‍රවේශපත්‍ර මිල ගණන් මෙසේය

සිටගෙන (තෘණ භූමි පෙදෙස) – රු. 500 යි

නගර ශාලාව (පහළ) – රු. 7500 යි

නගර ශාලාව – (ඉහළ) – රු. 10,000 යි

ප්‍රභූ මණ්ඩපය – රු. 10,000 යි

ගාල්ල ක්‍රීඩා සමාජ (පහළ) – රු. 10,000 යි

ගාල්ල ක්‍රීඩා සමාජ – (ඉහළ) – රු. 12,500 යි

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar