slc
logo
Home   |    News
ජනවාරි 19, 2025
ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට අද (19 දා) පෙරවරුවේදී සමත්විය.

මැලේසියාවේ බයුමාස්ත ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 162 ක් එක් කිරීමට සමත් වුවත් ඊට පිළිතුරු ඉනිම හඹා යෑමේදී මැලේසියානු කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 23 ක් පමණි. මෙය වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ බාළිකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන්විය.

පන්දු යැවීමේදී චමුදි ප්‍ර බෝධා කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණාය. ලකුණු හඹා යෑම ආරම්භයේදීම උප නායිකා රශ්මිකා සෙව්වන්දි පළමු පන්දුවාරයේදීම ඉර්දිනා බේව පිටියෙන් ඉවත් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළාය. අනතුරුව පන්දුවට අතට ගත් දමුදි ප්‍ර බෝධා පිට තම පළමු පන්දුවායේදී පිට පිට පන්දු 2 කදී කඩුලු 2 ක් දවා ගනිමින් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විට ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු පුවරුවේ රැඳවීමට දායකත්වය දැක්වූවාය.

පළමු කඩුලු 3 ම දෙවැනි පන්දුවාරය අවසන්වීමට පෙරම දැවී ගියද පිටියට එක් වුණු නූර් රලියා සහ සුාබිකා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු රැස් කළ නොකළ නමුත් කඩුල්ලේ රැදී සිටීමට සමත්වූහ. කෙසේ වෙතත් ඒ අතරට පැමිණි නායිකා මනුදි නානායක්කාර නූර් අලියාගේ කඩුල්ල දවා ගනිමින් එම කඩුලු සම්බන්ධතාවයද බිඳ දැමීමට සමත්වූවාය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා බාළිකාවන්ගේ පන්දු රැකීමේ මට්ටමක ඉතාම ඉහළ මට්ටමක පැවැතුණි. එය සනාථ කරන ලද ප්‍රධානම කරුණ ලෙසින් අසේනි තලගුණේ විසින් පන්දුවට කෙළින්ම කඩුල්ලට යොමු කරමින් නූර්මාන් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. චමුදිි ප්‍ර බෝධාට අමතරව නායිකා මනුදි නානායක්කාර සහ ලිමන්සා තිලකරත්න කඩුලු 2 බැගින් බඳ හෙළමින් පන්දුවෙන් කැපී පෙනුණහ.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නියැළුණු දහමි සෙනෙත්මා පන්දු 52 කදී ලකුණු 55 ක් රැස් කළාය. ඒ ඊට හතරේ පහර 5 ක් ද ඇතුළත් කරමිනි. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අර්ධ ශතකයක් ලද දහමි සෙනෙත්මා සම්මාන දිනාගත්තාය.

ඇයට අමතරව ආරම්භක පිතිකාරිණි සංජනා කාවින්දි පන්දු 13 කදී හතරේ  පහර 6 ක් ද සමඟ ලකුණු 30 ක් ද හිරුණි කුමාරි පන්දු 21 කදී ලකුණු 29 ක් ද රැස් කරමින් පිතිහරඹයක් කැපී පෙනුණහ. මොවුන්ට අමතරව නායිකා මනුදි නානායක්කාර පන්දුවට පහර දෙමින් ලකුණු 14 ක් රැස් කොට තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණාය.

අනෙක් ආරම්භක පිතිකාරිණිය වු සුමුදු නිසංසලා රැස් කරන ලද්දේ ලකුණු 07 ක් වුවත්, ඇය සංජනා සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් රැස් කරන තෙක් කඩුල්ලේ රැදී සිටියාය. පළමු කඩුල්ල ලෙසින් සංජනා පිටියෙන් දැවී යන විටත් ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 19 ක් පමණි. තෙවැනි කඩුල්ලට එක් වුණු නායිකා මනුදි නානායක්කාර සහ දහමි සෙනෙත්මා ලකුණු 40 ක සම්බන්ධතාවක් එක් කළේය. 10 වැනි පන්දුවාරය අවසානය වන විටම මනුදි දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ කඩුලු 3 ට ලකුණු 88 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 162 යි – (සංජනා කාවින්දි 30, දහමි සෙනෙත්මා 55, මනුදි නානායක්කාර 14, හිරුණු කුමාරි 28, ශෂිනි ගිම්හාි 13, නස්වා 31/2)

මැලේසියානු අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 23 යි – (චමුදි ප්‍ර බෝධා 05/3, මනුදි නානායක්කාර 08/2, ලිමන්සා තිලකරත්න 03/2)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee