slc
logo
Home   |    News
ජනවාරි 2, 2025
ශ්‍රී ලංකා යොවුන් බාළිකා පිල නම් කරයි

sinhala editor

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා සහසභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායිකාව ලෙස සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරනු ඇත. මනුදිගේ සහායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි කටයුතු කරනු ඇත.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද මෙම කණ්ඩායම, හෙට සිට බංග්ලාදේශ යොවුන් බාළිකා කණ්ඩායමට එරෙහිව තරග 4 කට සහභාගිවනු ඇත.

මෙහි පළමු සහ දෙවැනි තරග කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තෙවැනි තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත් සහ සිව්වැනි තරගය කොළඹ බී. ආර්. සී. ක්‍රීඩා පිටියේදීත් පැවැත්වෙනු ඇත. මෙහි පළමු තරග දෙක ප.ව. 2.00 ට ආරම්භ වන අතර දෙවැනි තරග දෙක පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

ක්‍රීඩිකාවපාසල
මනුදි නානායක්කාර (නායිකා)වේල්ස් කුමරි විදුහල – මොරටුව
රශ්මිකා සෙව්වන්දි (උප නායිකා)අනුර විදුහල – මාතර
විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල – රත්ගම
සුමුදු නිසංසලාදේවපතිරාජ විදුහල – රත්ගම
දහමි සෙනුත්මාඅනුර විදුහල – මාතර
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
ශෂිනි ගිම්හානිදේවපතිරාජ විදුහල – රත්ගම
අෂේනි තලගුණේමහාමායා බාළිකා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරාඋහන මැදි මහ විදුහල – අම්පාර
චමෝදි ප්‍රබෝධාපඤ්ඤානන්ද මහ විදුහල – මොණරාගල
සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
දිනුලි තෙන්නකෝන්මලියදේව බාළිකා විදුහල – කුරුණෑගල
ලිමන්සා තිලකරත්න 
ෂෙහාරා ඉඳුවරීදේවපතිරාජ විදුහල – රත්ගම

Active filters

Recent Posts

  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]
  • එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee