සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 65ක දැවැන්ත ජයක් ලබා තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියට පැමිණීයේය.
පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බැවින් තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම මෙලෙස ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී කඩුලු 4කට ලකුණු 125ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 60කට දැවී ගියහ.
ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 2ක් තුල දැවී යද්දී දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67ක දී ලකුණු 59ක් එක් කළහ. දැහැමි සෙනෙත්මා පන්දු 41කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ඉනිම ශක්තිමත් කළාය.
සිව්වැනි කඩුල්ලට මනුදි නානයක්කාර හා රශ්මිකා සෙව්වන්දි පන්දු 34කදී වේගවත් ලකුණු 38ක් ලබා ලකුණු පුවරුව ඉහළ දැමූහ. මනුදි නානයක්කාර පන්දු 45කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා නායකත්වයේ ඉනිමක් දියත් කළ අතර, සෙව්වන්දි පන්දු 22කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 27ක් වාර්තා කළාය.
බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 24ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, සාදියා අක්තාර් ලකුණු 18ක් හා ෆර්ජානා එස්මින් නොදැවී ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූහ.
බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කළ චමෝදි ප්‍රබෝදා මුණසිංහ හා අසෙනි තලගුණේ කඩුලු 3 බැගින් බිද හෙළූ අතර, ලිමංසා තිලකරත්න කඩුලු දෙකක් බිදහෙලුවාය.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණ 125 (ඔිවර් 20)
දැහැමි සෙනෙත්මා 25, මනුදි නානායක්කාර 50, රශ්මිකා සෙව්වන්දි නොදැවී 27, සුමුදු නිසංසලා නොදැවී 13 (නිසිතා අක්තාර් 7/2)
බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 109 (ඕවර් 19.3)
සෞමියා අක්ටර් 29, ජනාතුල් මාඕයා 34 (රශ්මිකා සෙව්වන්දි 22/2, ප්‍රමුදි මෙත්සරා 14/2, ලිමංසා තිලකරත්න 10/2)