slc
logo
Home   |    News
ජනවාරි 28, 2025
සිංහ – කැන්ගරු පළමු ටෙස්ට් සටනට දඟ පන්දු යවන්නන් තිදෙනෙක්…!

sinhala editor

By Chamila Karawita

2022 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් වීමෙන් පසු ගෙවී ගිය වසර දෙකහමාරක කාලයකට පසුු ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම හෙට (29 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. තරග 2 කින් සමන්වි හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන්නකි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරි ගමන හෙවත් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වුවත් ගතවූ 2024 වසර ටෙස්ට් තරග අංශයෙන් ශ්‍රී ලංකාවට යහපත් වසරක් ලෙස හැඳින්විය හැකි. දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමම එම අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට සමත්ව සිටි කණ්ඩායමක් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ අත්දැකීම් සහිත සහ නැගීඑන දක්ෂතා මිශ්‍රණයකින් සමන්විත වන කණ්ඩායමකින් යුක්තව වන අතර, සිය ප්‍රබල ප්‍රතිවාදියාට එරෙහිව දේශීය තත්ත්වයන්ද උපයෝගී කර ගැනීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වී තිබේ. මෙවර ටෙස්ට් ලෝක ශුරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම තරගාවලියේ ප්‍රතිඵලයේ බලපෑමක් නොවුණද ඉදිරි ලෝක ටෙස්ට් ශූරතාවලියට අවශ්‍ය ආරම්භය මෙම තරගාවලියෙන් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබේ.

ඕනෑම විටෙක පන්දුව යැවීමට හැකියාවකින් යුක්ත තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව තරගයට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායමත් ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුතුව පිවිසෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් හෙට දිනයේදී මූලිකම අවධානය ලබා දෙනු ලබන්නේ සිය දඟ පන්දු යවන්නන්ගේ සැකසුම කෙසේ විය යුතුද යන්න පිළිබඳය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතීරුව තෙවැනි දිනයෙන් පසු දඟ පන්දු යවන්නන්ට ලබා දෙනු ලබන දැඩි වාසිය හේතුවෙන් දෙපිළේම කළමනාකාරීත්වය ඒ පිළිබඳව උනන්දුවක් දක්වනු ඇත.

එපමණක් නොව තණතීරුවේ පවතින තෙතමනය තත්ත්වය සම්පූර්ණයෙන්ම මකා දැමීමට උපකාරී වන මුහුදු සුළඟ නිරන්තයෙන්ම ක්‍රීඩාංගණය හරහා හඹා යෑම, මෙන්ම පන්දු යවන්නන්ගේ පාද සලකුණු තණතීරුවේ සටහන් වීමද ගාල්ල තණතීරුව දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වීමට හේතු කාරක වනු ඇත. මෙහිදී තම කණ්ඩායම සතු හොඳම දඟ පන්දු යවන්නන් කෙතරම් හොඳින් ක්‍රීඩා කරන්නේද යන තරමටම තරගයේ ප්‍රතිඵලය ඒ ඒ කණ්ඩායමට වාසිදායක ලෙසින් ලබා දෙනු ඇත.

ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානම බලාපොරොත්තුව වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය මත වන බව අවිවාදිතය. එහෙත් ඔස්ට්‍රේලියානුවන් සතු ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන නෙතන් ලයන්ද ගාල්ල තණතීරුවේ පන්දුව දඟ කැවෙන හැටි හොඳින්ම දන්නා ක්‍රීඩකයෙකි. ලයන් 2011 වසරේදී සිය මංගල ටෙස්ට් ගමන ආරම්භ කරන ලද්දේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර එහිදී යවන ලද පළමු පන්දුවෙන්ම ලොව අග්‍රගනයේ පිතිකරුවකු ලෙසින් සැලකෙන කුමාර් සංගක්කාරගේ කඩුල්ල ද සමඟින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්ව සිටියි. එපමණක් නොව 2022 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදීද ලයන් ඉනිම 3 කදී කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේ එම තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වෙමිනි. ඒ අනුව ලයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර ඇති ඉනිම 7 කදී කඩුලු 21 ක දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 27.61 ක් රඳවා තබාගනිමිනි.

ලයන් මෙන්ම ජයසූරියගේද මංගල ටෙස්ට් තරග සහභාගිත්වය සිදුව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. ඒ 2022 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදීය. එතැන් පටන් මේ දක්වා ඔහු ගාල්ල ක්‍රීඩාංගණයේදී තරග වැදි ඉනිම අතුරින් කඩුලු 71 ක් දවා ලීමට සමත්ව සිටියි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.78 ක් ලෙස සටහන් වන්නේය. මේ සියලු කරුණු පිළිබඳව විශ්ලේෂණය කරන කල්හි ඔස්ට්‍රේලියානුවන්ගේ මූලික ඉලක්කයක් බවට ජයසූරිය නිතැතින්ම පත්ව සිටියි. ඔහුගේ පන්දු හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මුහුණ දෙනු ලබන විලාශයත්, නේතන් ලයන්ගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරවනු දක්වනු ලබන විලාශයත් තරගයේ ප්‍රතිඵලයට මූලිකම බලපෑමක් එක්කාසු කරන පොදු සාධයක් බවට පත්ව තිබේ.

ඒ අනුව බලන විට හෙට තරගයේදී දෙපිළම සිය දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරවීමට කටයුතු කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. ප්‍රභාත් ජයසූරියගේ සහායට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් සහ පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සි ක්‍රීඩා කළහොත් වේග පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනු ලබන්නේ අසිත ප්‍රනාන්දුට හෝ ළහිරු කුමාර යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි. මෙය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සංසන්දනය කරන කල්හි ලයන්ගේ සහායට මැතිව් කුනේමන් ක්‍රීඩා කිරීම අනිවාර්ය වනු ඇත. කෙසේ වෙතත් ටෙස්ට් තරගවලට සහභාගිවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම තනි වේග පන්දුයවන්නකුගෙන් යැපෙන අවස්ථා ඉතාමත් විරළ බැවින් ඔහුගේ සහායට ඔවුන් බොහෝ විට ස්කොට් බෝලන්ඩ් සමග අවතීර්ණ වීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. කෙසේ වෙතත් ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් ඔවුන් අවතීර්ණ වුවහොත් තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් ටොඩ් මර්ෆි ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට අවතීර්ණ වන්නේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ සහභාගිවයෙන් තොරව වේ. ඒ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අදහස් දක්වා සිටියේ පැතුම් හෙට තරගයට සහභාගි නොවන බවත් ඔහු වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කොට තීරණය කිරීමට සිදුවනු ඇති බවත්ය. ඒ අනුව පැතුම්ගෙන් හිස්වන ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බොහෝ විට ඔෂධ ප්‍රනාන්දුටහිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

මේ අතර හෙට තරගය පැවැත්වෙන ගාල්ල තණතීරුව පිළිබඳවද ශ්‍රී ලංකා නායකයාගෙන් මාධ්‍යෙව්දීන් කරුණු විමසන ලදුව, “ඔව් ඔබට කියන්න පුළුවන් මේ තණතීරුව දඟ කැවෙන තණතීරුවක් කියලා. එහෙත් මේක ඉතා හොඳ තණතීරුවක්. පෙර තරග ගෙන බැලුවහම තෙවැනි දවසෙන් පස්සේ යම් දඟ කැවීමක් තියෙනවා. ඒ අනුව අපිට හොද අවස්ථාවක් තියෙනවා මේ තරගාවලිය හොඳින් කරන්න. ඒ වගේම ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් ඉතා හොද සමබර කණ්ඩායමක්. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමේද අපිට අපේ හොදම දේ කරන්න සිද්ධ වෙනවා“ යනුවෙන් ධනංජය සඳහන් කර සිටියේය.

හෙට තරගයේදී සිදුවීමට නියමිත සුවිශේෂ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 10,000 සීමාව ඉක්මවා යෑම සඳහා ඔහුට අවශ්‍යව පවතින්නේ තවත් එක් ලකුණක් පමණි. හෙටින් ආරම්භ වන තරගයේදී ස්මිත් ලබා ගන්නා පළමු ලකුණින් පසු ඔහු ඔසට්‍රේලියාව වෙනුවෙන් එම කඩඉම ඉක්මවා ගිය සිව්වැනි පිතිකරුවා බවට පත්වන්නේය. ඇලන් බෝඩර්, සටව් වෝ සහ රිකී පොන්ටින් මේ වන විටත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය පිතිකරුවෝ බවට පත්ව සිටිති.

හෙට තරගයට සහභාගිවනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් මෙසේය.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න, 2. ඔෂධ ප්‍රනාන්දු, 3. දිනේෂ් චන්දිමාල්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. කමිඳු මෙන්ඩිස්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කුසල් මෙන්ඩිස්, 8.ප්‍රභාත් ජයසූරය, 9. නිශාන් පීරිස්, 10. ජෙෆ්රි වැන්ඩර්සි, 11. අසිත ප්‍රනාන්දු

ඔස්ට්‍රේලියාව – 1. උස්මාන් කවාජා, 2. ට්‍රෙවිස් හෙඩ්, 3. මානස් ලබුෂේන්, 4. ස්ටීවන් ස්මිත් (නායක), 5. ජොන් ඉංග්ලිස්, 6. බීයූ වෙබ්ස්ටර්, 7.ඇලෙක්ස් කේරි, 8. මිචෙල් ස්ටාර්ක්, 9. මැතිව් කුනේමන්, 10. නේතන් ලයන්, 11. ටොඩ් මර්ෆි

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee