slc
logo
Home   |    News
ජනවාරි 14, 2025
කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය

sinhala editor

 නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සංචාරය නිමාවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය.

 තරගාවලියන් දෙකම 2 -1 බැගින් පරාජයට පත්වීම පිළිබඳව ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ටත් වේදනා ගෙන දෙන සිදුවීම් වුවත් සාකච්ඡා මාර්ගයෙන් සහ දැඩි පුහුණු වීම් මගින් එම අඩුපාඩු ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද ප්‍රධාන පුහුණුකරු පවසයි.

 මේ තරගාවලියන් දෙකෙන් මුලින් පැවැති විස්සයි – 20 තරගාවලිය පහසුවෙන්ම ජය ගැනීමට තිබු බව කී එය වැළකී ගියේ ඉතා සුළු අතපසුවීම් මත යැයි ද කියයි.

 මින් පසුව මෙතෙර පැවැත්වෙන තරගාවලියන් පමණක් නොව විශේෂයෙන් එතෙර යන විටත් එම රටවල දේශගුණික සහ තණතිලිවල හොඳින් ක්‍රීඩා කිරීමට සැළසුම් අනුව කලින්ම සූදානම් විය යුතු බව පවසන ජයසූරිය පිරිසක් කලින්ම එම රටවලට යැවීමෙන් හෝ මේ අඩුපාඩු සකස් කර ගත හැකි යැයි ද සඳහන් කර සිටියේය.

 “ප්‍රථම එක්දින තරගයේ පළමු පන්දුවාර දහය තුළ ඉක්මනින් කඩුලු කිහිපයක් බිඳ වැටීමෙන් අපට නැවත තරගයට අවතීර්ණ වීම අපහසු කරුණක් වුවා. දෙවන තරගයේ දී අප එම පාඩුව බොහෝ දුරට සකස් කර ගත්තා“.

 “තෙවන එක්දින තරගයේ දී පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාර විශිෂ්ටයි. ඔහුට අහිමිව ගියේ ලබා ගත හැකිව තිබු ශතකයක්. ඒ වගේම කුසල් මෙන්ඩිස් ද හොඳින්ම පන්දුවට පහර දුන්නා. ඔහුටත් ශතකයක් කරා යාමට හැකි බව පන්දුවට පහර දෙන විට පෙනී ගිය පැහැදිලි කරුණක්. අපගේ වේග පන්දු යවන්නන් ප්‍රථම හා දෙවන එක්දින සීමිත පන්දුවාර තරගවල එතරම්ම කැපී පෙනුනත් තෙවන තරගයේ දී අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ වේග පන්දු යවන්නන් හොඳින්ම පන්දු යවමින් නවසීලන්ත ඉනිම ආරම්භයේදීම ඉක්මනින් කඩුලු දවා අපට ජය මාවත විවෘත කළා“.

 “මහීෂ් තීක්ෂණත් ජනිත් ලියනගේත් හොඳින්ම ක්‍රීඩා කළ බව පැවසිය යුතුයි. අප වේග පන්දු යවන්නන් දෙදෙනකුගෙන් සහ දඟපන්දු යවන්නන් දෙදෙනකුගෙන් ක්‍රීඩා කළත් සැම දෙනාම තම කාර්යය ඉටු කිරීම ප්‍රශංසනීයයි. ඒ වගේම ජනිත් ලියනගේත් ඔහුත් පළපුරුද්ද සහ මනා අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් අපට අත්‍යවශ්‍ය වේලාවක දී අර්ධ ශතකයක් රැස් කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි එක්දින තරගයේ දී ලකුණු 290කට යාමට අවස්ථාව උදා වුවා“.

 අපගේ කණස්සල්ලට හේතුවක් වන කරුණක් වන්නේ පැතුම් නිශ්ශංකගේ ආබාධයයි. මේ වන විටත් එය එතරම් සුවදායක වී නෑ. මේ මස අවසානයේ දී ගාල්ලේ දී අප ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙකකට සහභාගි වනවා. ඊට සහභාගි වන මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් තව දින කිහිපයකින් පුහුණුව අරඹන අතර තවත් ක්‍රීඩක පිරිසක් මේ වන විටත් ඒ සඳහා පුහුණුව ලබනවා.

 එතෙර සංචාරයන්හිදී එම රටවල තත්ත්වයන්ට හුරුවීමට මඳක් කල්ගත වන හෙයින් ඉදිරි සංචාරවල දී ඒ සඳහා සූදානම් වන විට මීට වඩා සැළසුම් සකස් කිරීමටත් තරග කාලසටහන් හොඳින්ම නිරීක්ෂණය කිරීමට සහ ඒ සඳහා දේශීය පුහුණුව දේශගුණයන්ට ගැළපෙන අයුරින් ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරන බව ද සනත් ජයසූරිය පැවසීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee