slc
logo
Home   |    News
ජනවාරි 2, 2025
ශ්‍රී ලංකා යොවුන් බාළිකා පිල නම් කරයි

sinhala editor

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා සහසභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායිකාව ලෙස සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරනු ඇත. මනුදිගේ සහායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි කටයුතු කරනු ඇත.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද මෙම කණ්ඩායම, හෙට සිට බංග්ලාදේශ යොවුන් බාළිකා කණ්ඩායමට එරෙහිව තරග 4 කට සහභාගිවනු ඇත.

මෙහි පළමු සහ දෙවැනි තරග කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තෙවැනි තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත් සහ සිව්වැනි තරගය කොළඹ බී. ආර්. සී. ක්‍රීඩා පිටියේදීත් පැවැත්වෙනු ඇත. මෙහි පළමු තරග දෙක ප.ව. 2.00 ට ආරම්භ වන අතර දෙවැනි තරග දෙක පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

ක්‍රීඩිකාවපාසල
මනුදි නානායක්කාර (නායිකා)වේල්ස් කුමරි විදුහල – මොරටුව
රශ්මිකා සෙව්වන්දි (උප නායිකා)අනුර විදුහල – මාතර
විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල – රත්ගම
සුමුදු නිසංසලාදේවපතිරාජ විදුහල – රත්ගම
දහමි සෙනුත්මාඅනුර විදුහල – මාතර
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
ශෂිනි ගිම්හානිදේවපතිරාජ විදුහල – රත්ගම
අෂේනි තලගුණේමහාමායා බාළිකා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරාඋහන මැදි මහ විදුහල – අම්පාර
චමෝදි ප්‍රබෝධාපඤ්ඤානන්ද මහ විදුහල – මොණරාගල
සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
දිනුලි තෙන්නකෝන්මලියදේව බාළිකා විදුහල – කුරුණෑගල
ලිමන්සා තිලකරත්න 
ෂෙහාරා ඉඳුවරීදේවපතිරාජ විදුහල – රත්ගම

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee