ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම කණ්ඩායමේ නායිකාව ලෙසින් මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරව නම් කර තිබෙන අතර ඇයගේ සහායිකාව ලෙසින් මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිව නම් කර තිබේ.
නම් කරන ලද කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක්‍රීඩිකාවන් හය දෙනෙකුම ඇතුළත්වීම කැපී පෙනෙයි. හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නේත්‍රාංජලී, ශෂිනි ගිම්හානි, සංජනා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී එම ක්‍රීඩිකාවෝ වෙති. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වන අතර ඊට අමතරව අතිරේක ක්‍රීඩිකාවක ලෙස රත්ගම දේවපතිරාජ විදුහලේම නෙතඟි ඉසුරුරාංජලී නම් කර තිබේ.
ඔවුන්ට අමතරව කොළඹින් පිට පළාත්වලින් ත්‍රිකුණාමලය සිංහල මහ විදුහල නියෝජනය කරමින් විමෝක්ෂා බාලසූරිය, උහන මැදි මහ විදුහල නියෝජනය කරමින් ප්‍රමුදි මෙත්සරා සහ මොනරාගල ප්‍රඥානන්ද මහ විදුහල නියෝජනය කරරමින් චමෝදි ප්‍ර බෝධා ද කණ්ඩායමට එක්ව සිටිති.
19 න් පහළ බාළිකා ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 16 ක් අතර පැවැත්වෙනු ඇති අතර කාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේදී තරගවලට සහභාගිවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩය යටතේ සහභාගිවන අතර ඉන්දියාව, මැලේසියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි මස 11 වැනිදා පිටත්ව යෑමට නියමිතය.
ක්‍රීඩිකාව | පාසල |
මනුදි නානායක්කාර (නායිකා) | වේල්ස් කුමරි විදුහල – මොරටුව |
රශ්මිකා සෙව්වන්දි (උප නායිකා) | අනුර විදුහල – මාතර |
විමෝක්ෂා බාලසූරිය | සිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය |
හිරුණි හංසිකා | දේවපතිරාජ විදුහල – රත්ගම |
සුමුදු නිසංසලා | දේවපතිරාජ විදුහල – රත්ගම |
දහමි සනුත්මා | අනුලා විදුහල – නුගේගොඩ |
රශ්මි නේත්‍රාංජලී | දේවපතිරාජ විදුහල – රත්ගම |
ශෂිනි ගිම්හානි | දේවපතිරාජ විදුහල – රත්ගම |
අෂේන් තලගුණේ | මහාමායා බාලිකා විදුහල – මහනුවර |
ප්‍රමුදි මෙත්සරා | උහන ජාතික පාසල – |
චමෝදි ප්‍රබෝධා | පඤ්ඥානන්ද මහ විදුහල- මොනරාගල |
සංජනා කාවින්දි | දේවපතිරාජ විදුහල – රත්ගම |
දනුලි තෙන්නකෝන් | මලියදේව බාලිකා විදුහල – කුරුණෑගල |
ලිමන්සා තිලකරත්න | |
ෂෙහාරා ඉඳුවරී | දේවපතිරාජ විදුහල – රත්ගම |