slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2025
ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනියි

sinhala editor

වෝන් – මුරලිදරන් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 242 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානුවෝ අද (01 දා) සමත්වූහ. වසර 45 කට ආසන්න මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දැවැන්තම තරග පරාජය ලෙසින් ද අද තරග පරාජය සටහන් විය.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේදී පළමු ඉනිමේ ඉතිරිව තිබු කඩුලු 5 ත් දෙවැනි ඉනිමේ කඩුලු 10 ත් වශයෙන් සමස්ථ දිනයේදී කඩුලු 15 ක් ඔස්ට්‍රේලියානුවන් දවා ගනු ලැබුවේ සිව්වැනි දිනට තරගය නිමා වීමට තවත් හෝරා දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී විය. ඔස්ට්‍රේලියානු පිල කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 654 ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ට රැස් කර ගත හැකි වූයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 165 ක් ද දෙවැනි ඉනිම ලකුණු 247 ක්ද පමණි.

සමස්ථ තරගය දෙස අවධානය යොමු කිරීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 154 ක් ක්‍රීඩා කළද ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිම දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 106.5 ක් පමණි. මෙම තරගය ජය ගැනීමත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබිණ. එයින් කියැවෙන්නේ දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවත්, නැවත වතාවක් වෝන් – මුරලි කුසලානේ අයිතිය ඔස්ට්‍රේලියානුවන්ටම හිමිවන බවයි.  

පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දුර්වල විය. මිචෙල් ස්ටාර්ක්ගේ වේගය හමුවේ පිත්ත ඉදිරියට ගෙන ඒමටවත් අවස්ථාව නොලද ඔෂධ ප්‍රනාන්දු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත් වද්දී ටොඩ් මර්ෆි විසින් කඩුල්ල තුළට එවන ලද ආමර් පන්දුව වටහා ගත නොහැකිවූ දිමුත් කරුණාරත්න එය  නිදැල්ලේ යෑමට ඉඩ සලස්වීමේ අනිසි ප්‍රතිඵලය වූයේ කඩුල්ල බිඳී යෑම විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් කෙතරම් දුර්වල වූවේද කිවහොත් පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 72 හැරුණු කොට දෙවැනි ඉනිමේදී පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට පිවිස සිටින ජෙෆ්රි වැන්ඩර්සි ලබාගත් ලකුණු 53 හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය.

තරගාවලියට අතර මඟදී එකතු වුණු වමත් දඟ පන්දු යවන්නා, මැතිව් කුනේමන් පළමු ඉනිමේ පිතිකරුවන් පස් දෙනෙකු සහ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු දවාලමින් සමස්ථ තරගයේදී ලකුණු 149 කට කඩුලු 9 ක් බිඳ හෙළුවේය. ප්‍රධානම දඟ පන්දු යවන්නා වන නේතන් ලයන් ලකුණු 135 ක් ඇතුළත කඩුලු 7 ක් බිඳ හෙළුවද තරගයේ වීරයා ලෙසින් පිදුම් ලබන ලද්දේ ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලද උස්මාන් කවාජා විය.

ලකුණු 136 කට කඩුලු 5 ක් තිබියදී සිව්වැනි දිනය ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට අද දිනයේදී එක් කර ගත හැකි වූයේ ලකුණු 29 ක් පමණි. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 156 ක්ව තිබියදී කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම දැවී ගිය බැවින් ඉතිරි කඩුලු 5 ම ලකුණු 09 ක් ඇතුළත දවාලීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒත් සමඟම ශ්‍රී ලංකාව ලකුණු 489 ක පරතරයකින් පසුපසට තල්ලු විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන පෙබරවාරි 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම පන්දුවාර 154 කදී කඩුලු 6 කට ලකුණු 654 යි – (උස්මාන් කවාජා 232, ස්ටීවන් ස්මිත් 141, ජොෂ් ඉංග්ලිෂ් 102, ඇලෙක්ස් කේරි 46*, බියූ වෙබ්ස්ටර් 23, මිචෙල් ස්ටාර්ක් 19*, මානස් ලබුෂේන් 20, ට්‍රෙවිස් හෙඩ් 57, ජෙෆ්රි වැන්ඩර්සි 182/3 , ප්‍රභාත් ජයසූරිය 182/3)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 52.2 කදී සියලු දෙනා දැවී ලකුනු 165 යි – (කමිදු මෙන්ඩිස් 15, ඇන්ජලෝ මැතිව්ස් 07, දිනේෂ් චන්දිමාල් 72, ඕෂධ ප්‍රනාන්දු 07, දිමුත් කරුණාරත්න 07, කුසල් මෙන්ඩිස් 21, ධනංජය ද සිල්වා 22, ප්‍රභාත් ජයසූරිය 00, ජෙෆ්රි වැන්ඩර්සි 04, නිශාන් පීරිස් 05, අසිත ප්‍රනාන්දු 00*,  මිචෙල් ස්ටාර්ක් 13/2 මැතිව් කුනේමන් 63/5 නේතන් ලයන් 57/3)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 54.3 කදී සියලු දෙනා දැවී ලකුණු 247 යි – (ඔෂධ ප්‍රනාන්දු 06, දිමුත් කරුණාරත්න 00, දිනේෂ් චන්දිමාල් 31, ඇන්ජලෝ මැතිව්ස් 41, කමිදු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 39, කුසල් මෙන්ඩිස් 34, ප්‍රභාත් ජයසූරිය 01, ජෙෆ්රි වැන්ඩර්සි 53, නිශාන් පීරිස් 00, අසිත ප්‍රනාන්දු 06*, මැතිව් කුනේමන් 86/4, නේතන් ලයන් 78/4, මිචෙල් ස්ටාර්ක් 14/1, ටොඩ් මර්ෆි 57/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee