slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2025
කමිල් මිෂාරගෙන් තවත් ශතකයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී එන්.සී.සී. අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 211ක දී හතරේ 16ක් හයේ පහරක් සමග ලකුණු 151ක් ලබා නැවත පිත්තෙන් දක්ෂතා දැක්වීය. කමිල් මිෂාර පසුගිය සති අන්තයේ එස්.එස්.සී. සමග මුල් ඉනිමේ දී අර්ධ ශතකයක් ද (77) සහ දෙවන ඉනිමේ දී ශතකයක් ද (105) ලබා ගත්තේය.

 එන්.සී.සී. නායක සහන් ආරච්චිගේ ද අද (21) නොදැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් විය.

 මේ අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.සී.සී. –  බී.ආර්.සී. තරගයේ දී  සී.සී.සී. කණ්ඩායමේ අංජල බණ්ඩාර දිගු සබඳතා දෙකක් සහිතව නොදැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් විය. මෙදින තරගය නිම වන විට සී.සී.සී. කඩුලු 7කට ලකුණු 444ක් ලබා සිටියේය. සී.සී.සී. කණ්ඩායමේ ධනංජය ද සිල්වා ද මෙදින ලකුණු 83ක් රැස් කළේය.

 ටැමිල් යුනියන් සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි ආබාධ මත ඉවත් වන විට ලකුණු 128ක් ලබා සිටියේය.

 මුවර්ස් සහ කැන්ඩි කස්ටම් තරගයේ දී මුවර්ස් ඉදිරියෙන් පසු වු අතර ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා ලකුණු 101ක් ලැබීය.

  • සී.සී.සී. – බී.ආර්.සී. (සී.සී.සී. 444/7 ප්‍රබල තත්ත්වයක)

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු සී.සී.සී. මුලින් පන්දුවට පහර දීමට තීරණය කර දිනය නිම වන විට කඩුලු හතකට ලකුණු 444ක් රැස්කර පසු වුයේ ප්‍රබලම තත්ත්වකය.

 අංක හය පිතිකරු අංජල බණ්ඩාර මෙදින පන්දු 221කට මුහුණ දී හතරේ පහර 20ක් සමග නොදැවී ලකුණු 177ක් රැස්කර වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

 අංජල බණ්ඩාර අගනා සබඳතා දෙකකට ද මෙදින සහභාගි විය. පස්වන කඩුල්ලට අංජල බණ්ඩාර සහ ධනංජය ද සිල්වා පන්දුවාර 30ක දී ලකුණු 131ක් ද අටවන කඩුල්ලට අංජල බණ්ඩාර සමග ඉනුක කරන්නාගොඩ නොදැවී ලකුණු 123ක සබඳතාවයක් ද (පන්දුවාර 41.4යි) තබා ගත්හ.

 මෙදින ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පන්දු 111ක දී හතරේ අටක් හයේ දෙකක් සමග ලකුණු 83ක් ද පවන් සංදේශ් පන්දු 71ක දී හතරේ අටක් හයේ තුනක් සමග ලකුණු 62ක් ද ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 41ක දී හතරේ හයක් හයේ දෙකක් සමග ලකුණු 51ක් ද ඉනුක කරන්නාගොඩ පන්දු 60ක දී හතරේ හයක් සමග නොදැවී ලකුණු 46ක් ද රැස් කළහ.

 සී.සී.සී. ප්‍රථම ඉනිම කඩුලු 7ට 444යි – (අංජල බණ්ඩාර නොදැවී 177, ධනංජය ද සිල්වා 83, පවන් සංදේශ් 62, ලසිත් කෘෘස්පුල්ලේ 51, ඉනුක කරන්නාගොඩ නොදැවී 46, චාමික හීනටිගල 62/3, කෙෂාන් විජේරත්න 78/2, මලින්ද පුෂ්පකුමාර 158/2)

  • මුවර්ස් – කැන්ඩි කස්ටම් (මුවර්ස් ජනිෂ්කගෙන් ශතකයක්)

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කැන්ඩි කස්ටම් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර මෙදින ප්‍රධාන සිදු වීම වුයේ මුවර්ස් ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා පන්දු 141ක දී හතරේ 11ක් සමග ලකුණු 161ක් රැස් කිරීමය.

 කැන්ඩි කස්ටම් මෙදින ලකුණු 154කට දැවී ගිය අතර වැඩිම ලකුණු ලාභියා වු සහන් කෝසල ලකුණු 70ක් රැස් කළේ පන්දු 71කට මුහුණ දී හතරේ නවයක් සහ හයේ පහරක් සමගය.

 මුවර්ස් කණ්ඩායමේ සොහාන් ඩි ලිවේරා ලකුණු 77ක් රැස් කළේ පන්දු 92ක දී හතරේ හතක් සහ හයේ පහරක් සමගය. ජනිෂ්ක පෙරේරා සහ සොහාන් ඩි ලිවේරා දෙවන කඩුල්ලට පන්දුවාර 29.5ක දී ලකුණු 132ක් රැස් කළහ.

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 154 – (සහන් කෝසල 70, යොහාන් මැද්දගේ 16, උස්මාන් ඉසාක් 14, උමේෂ් උදයංග 12, මිලාන් රත්නායක 33/2, රමේෂ් මෙන්ඩිස් 33/3, චානුක දිල්ෂාන් 41/2)

 මුවර්ස් පළමු ඉනිම කඩුලු 4ට 209යි – (ජනිෂ්ක පෙරේරා 101, සොහාන් ඩි ලිවේරා 77, රවිෂාන් ද සිල්වා 15, උස්මාන් ඉෂාක් 20/1, කෞමාල් නානායක්කාර 62/1, යොහාන් සුරේෂ් 3/1යි)

  • එන්.සී.සී. – කුරුණෑගල තරුණ – (කමිල් මිෂාරගෙන් පිට පිටම ශතක)

 කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායම කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කළ  අතර එන්.සී.සී. කණ්ඩායමේ අංක තුන පිතිකරු කමිල් මිෂාර ලකුණු 151ක් ද (පන්දු 211යි හතරේ 16යි හයේ පහරයි) නායක සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 135ක් ද (පන්දු 181යි හතරේ අටයි හයේ පහරයි) රැස් කළහ.

 කමිල් මිෂාර පසුගිය සති අන්තයේ දී ද එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී එස්.එස්.සී. සමග ප්‍රථම ඉනිමේ දී ලකුණු 77ක් සහ දෙවන ඉනිමේ දී පන්දු 133ක දී හතරේ 11ක් හයේ පහරක් සමග ලකුණු 105ක් ද ලැබීය.

 අද (21) එන්.සී.සී. සිව්වන කඩුල්ලට කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ පන්දුවාර 46ක දී ලකුණු 194ක් ද පස්වන කඩුල්ලට සහන් ආරච්චිගේ සහ කෙවින් බණ්ඩාර (නොදැවී 61යි) නොදැවුණු ලකුණු 97ක සබඳතාවයක් ද තබා ගත්හ.

 එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 4ට 410යි – (කමිල් මිෂාර 151, සහන් ආරච්චිගේ නොදැවී 135, කෙවින් බණ්ඩාර නොදැවී 62, අහන් වික්‍රමසිංහ 34, නිරෝෂන් දික්වැල්ල 22, රන්දීර රණසිංහ 44/2යි)

  • ටැමිල් යුනියන් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය (ටැමිල් යුනියන් ප්‍රබලම තත්ත්වයක)

 පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය මුලින් පන්දුවට පහර දුන්නත් පන්දුවාර 33.1ක දී සියල්ල දැවී ඔවුන් රැස් කළේ ලකුණු 90ක් පමණකි. මෙහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වු ළහිරු සමරසිංහ ලකුණු 30කට කඩුලු හතරක්ම දවාලුවේය.

 ටැමිල් යුනියන් පන්දුවට පහර දෙන අවස්ථාවේ අංක හතර පිතිකරු සඳුන් වීරක්කොඩි ආබාධ මත ඉවත් වන විට පන්දු 88ක දී හතරේ 13ක් හයේ අටක් සමග ලකුණු 128ක් ලබා සිටියේය.

 සිව්වන කඩුල්ලට සඳුන් වීරක්කොඩි සහ තුලින දිල්ෂාන් ලකුණු 106ක සබඳතාවයක් තබා ගත්හ.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 90යි (පන්දුවාර 33.1යි) – (රොෂාන් විජේනායක 29, චාමික එදිරිසිංහ 20, රාහුල් ගුණසේකර 11, සඳුන් මධුශංක නොදැවී 10, ළහිරු සමරසිංහ 30/4, විජය කාන්ත් වියස් කාන්ත් 23/3, තරිඳු රත්නායක 24/2)

 ටැමිල් යුනියන් කඩුලු 6ට 323යි – (සඳුන් වීරක්කොඩි ආබාධ මත ඉවත් වුවා 128, සිනෙත් ජයවර්ධන 47, ළහිරු සමරකෝන් 41, (පන්දු 20යි හතරේ හතරයි හයේ තුනයි) නවෝද් පරණවිතාන 38, තුලින දිල්ෂාන් 28, තිලකරත්න සම්පත් 126/3, සඳුන් මධුශංඛ 43/1යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee