slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2025
ටැමිල් යුනියන් සහ මුවර්ස් ඉනිමකින් ජය වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ ආරම්භ වු තරග අතුරින් දෙවන දින (22) නිම වන විට ටැමිල් යුනියන් සහ මුවර්ස් කණ්ඩායම් දෙක ඉනිම බැගින් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්ව සිටිති.

 පනාගොඩ පැවැති ටැමිල් යුනියන් සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම් අතර තරගයෙන් ටැමිල් යුනියන් ඉනිමකින් සහ ලකුණු 126කින් ද බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් – කැන්ඩි කස්ටම් තරගයෙන් මුවර්ස් ඉනිමකින් සහ ලකුණු 15කින් ද පහසු ජයග්‍රහණ වාර්තා කළේ දෙවන දින සවස තේ පානයටත් පෙරාතුවය.

 එන්.සී.සී. සහ කුරුණෑගල තරුණ කණ්ඩායම අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමත් සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.සී.සී. – බී.ආර්.සී. තරගයේ දී සී.සී.සී. කණ්ඩායමත් දෙවන දින තරගය නිම වන විට ප්‍රබලම තත්ත්වයන්හි පසු විණි.

 මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත වු ඉතිරි තරග හතර ලබන සති අන්තයේ පැවැත්වීමට නියමිතය.

 සී.සී.සී. කණ්ඩායමේ අංජල බණ්ඩාරට බී.ආර්.සී. සමග ද්විත්ව ශතකයක් රැස් කිරීමට තිබු අවස්ථාව අද (22) අහිමිව ගියේ ලකුණු 190කට දැවීයාමෙනි.

  • ටැමිල් යුනියන් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය  (ටැමිල් යුනියන් ඉනිමකින් සහ ලකුණු 126කින් ජය ගනී)

 පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් ටැමිල් යුනියන් කණ්ඩායම පහසුවෙන්ම නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක  කණ්ඩායම පරාජයට පත් කළේ ඉනිමකින් සහ ලකුණු 126කිනි.

 ප්‍රථම දින තරගය නතර කරන විට ප්‍රථම ඉනිම සඳහා කඩුලු හයකට ලකුණු 323ක් ලබා සිටි ටැමිල් යුනියන් කණ්ඩායම අද (22) ඉතිරි කඩුලු හතර දැවී තවත් ලකුණු 72ක් (මුළු ලකුණු 395) එක් කිරීමට සමත් විය.

 එහිදී හත්වන කඩුල්ලට රිසිත් උපුමල් ලකුණු 43ක් ද (පන්දු 82යි හතරේ හතරයි හයේ පහරයි) සහ තරිඳු රත්නායක ලකුණු 34ක් ද (පන්දු 48යි හතරේ තුනයි හයේ දෙකයි) එක්ව ලකුණු 69ක සබඳතාවයක් තබා ගත්හ.

 මෙදින තරිඳු රත්නායක තුන් ඉරියව්වේම දස්කම් පාමින් නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 68කට කඩුලු පහක්ම දවාලීමට සමත් විය. නුගේගොඩ කණ්ඩායමේ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු අක්රම් මුතාලිබ් ලකුණු 62ක් රැස් කළේ පන්දු 50ක දී හතරේ පහර නවයක් සමගය.

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 90යි (පන්දුවාර 33.1යි) – (රොෂාන් විජේනායක 29, චාමික එදිරිසිංහ 20, රාහුල් ගුණසේකර 11, සඳුන් මධුශංක නොදැවී 10, ළහිරු සමරසිංහ 30/4, විජය කාන්ත් වියස් කාන්ත් 23/3, තරිඳු රත්නායක 24/2)

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 395යි – (සඳුන් වීරක්කොඩි 128, සිනෙත් ජයවර්ධන 47, රිසිත් උපුමල් 43, ළහිරු සමරකෝන් 41, නවෝද් පරණවිතාන 38, තරිඳු රත්නායක 34, තුලිත දිල්ෂාන් 28, මධුක ලියනපතිරණගේ 100/3, තිලකරත්න සම්පත් 41/3, චාමිකර එදිරිසිංහ 51/2යි)

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 179යි – (අක්රම් මුතාලිබ් 62, ඩෙලන් පීරිස් 30, මධුක ලියනපතිරණගේ 18, සඳුන් මධුශංක නොදැවී 20, අවිශ්ක පෙරේරා 17, තරිඳු රත්නායක 68/5, ළහිරු සමරකෝන් 10/1, නවෝද් පරණවිතාන 16/1යි)

  • මුවර්ස් – කැන්ඩි කස්ටම් (මුවර්ස් ඉනිමකින් සහ ලකුණු 15කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි)

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් මුවර්ස් කණ්ඩායම තරගයේ දෙවන දිනය වු අද (22) සවස තේ පානය වන විට තරගය පහසුවෙන්ම නිමාවට පත් කළේ ඉනිමකින් සහ ලකුණු 15කින් කැන්ඩි කස්ටම් පරාජයට පත් කරමිනි.

 ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 4කට ලකුණු 209ක් ලබා සිටි මුවර්ස් කණ්ඩායම අද (22) ඉතිරි පිතිකරුවන් හයදෙනා දැවී තවත් ලකුණු 122ක් එක් කළහ. (මුළු ලකුණු 331යි) මෙහිදී රමේෂ් මෙන්ඩිස් පන්දු 81ක දී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 54ක් ද සිතාර ගිම්හාන් ලකුණු 35ක් ද මිලාන් රත්නායක ලකුණු 27ක් ද රැස් කළහ.

 රමේෂ් මෙන්ඩිස් මෙදින තුන් ඉරියව්වේම දස්කම් දැක් වුයේ පසුව පන්දු යැවීමේ දී ලකුණු 72කට කඩුලු 4ක් ද දවාලමිනි.

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිමේ නැවත වරක් ලකුණු අතරට පිවිසි සහන් කෝසල ලකුණු 41ක් රැස් කළේ පන්දු 62කට මුහුණ දී හතරේ පහර හයක් ද සමගය.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 154 – (සහන් කෝසල 70, යොහාන් මැද්දගේ 16, උස්මාන් ඉසාක් 14, උමේෂ් උදයංග 12, මිලාන් රත්නායක 33/2, රමේෂ් මෙන්ඩිස් 33/3, චානුක දිල්ෂාන් 41/2)

මුවර්ස් ප්‍රථම ඉනිම සියල්ල දැවී 331යි  – (ජනිෂ්ක පෙරේරා 101, සොහාන් ඩි ලිවේරා 77, රමේෂ් මෙන්ඩිස් 54, සිතාර ගිම්හාන 35, මිලාන් රත්නායක 27, අකිල දිල්ෂාන් 33/3, යොහාන් මැද්දගේ 11/2, කෞමාල් නානායක්කාර 78/2යි)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 162යි – (සහන් කෝසල 41, විශ්ව විජේරත්න 33, යොහාන් මැද්දගේ 24, සචිත්‍ර පෙරේරා 20, රමේෂ් මෙන්ඩිස් 72/4, මල්ෂා තරුපති 25/4යි)

  • එන්.සී.සී. – කුරුණෑගල තරුණ (එන්.සී.සී. දැවැන්ත ලකුණු සංඛ්‍යාවක)

 කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන එන්.සී.සී. කණ්ඩායම කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිමට (182) වඩා මේ වන විට ලකුණු 367ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු අටක් ද ඉතිරිව තිබියදීය.

 එන්.සී.සී. කණ්ඩායමේ දක්ෂ පිතිකරුවකු වන අසේල් සිගේරා මෙදින දක්ෂ ලෙස පන්දු යවමින් කුරුණෑගල තරුණ ප්‍රථම ඉනිමේ දී ලකුණු 47කට කඩුලු පහක්ම දවාලීමෙන් කුරුණෑගල ප්‍රථම ඉනිම ලකුණු 182කට සීමා විණි. එන්.සී.සී. ප්‍රථම ඉනිමේ දී ඉදිරියෙන් සිටියේ ලකුණු  322ක් වැනි දැවැන්ත ප්‍රමාණයකින්. එහෙත් ඔවුන් දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහර දීමට තීරණය කළේය.

 එන්.සී.සී. නායක සහන් ආරච්චිගේ ප්‍රථම ඉනිමේ දී පන්දු 248ක දී හතරේ නවයක් හයේ දෙකක් සමග ලකුණු 167ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත් විණි.

එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 504යි – (සහන් ආරච්චිගේ 167, කමිල් මිෂාර 151, කවීන් බණ්ඩාර 73, අහන් වික්‍රමසිංහ 34, නිරෝෂන් දික්වැල්ල 22, චාමික කරුණාරත්න නොදැවී 20, කවික දිල්ෂාන් 101/4, රන්දීර රණසිංහ 50/2, අරවින්ද ප්‍රේමරත්න 119/1)

 කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම සියල්ල දැවී 182යි – (ධනුෂ්ක ධර්මසිරි 44, ගයාන් මනීෂාන් 33, රශ්මික මධුශංක 36, ළහිරු ජයරත්න 18, කවික දිල්ෂාන් 17, අසේල් සිගේරා 47/5, ළහිරු කුමාර 21/3, චාමික කරුණාරත්න 30/1යි)

 එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 2ට 45යි – (ළහිරු උදාර 17, නිරෝෂන් දික්වැල්ල 16, ළහිරු ජයරත්න 16/2)

 සී.සී.සී. – බී.ආර්.සී. (සී.සී.සී. ප්‍රථම ඉනිමේ දී ඉදිරියෙන්)

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී සී.සී.සී. කණ්ඩායම මේ වන විට ප්‍රථම ඉනිමේ දී ලකුණු 260ක් ඉදිරියෙන් පසු වේ. සී.සී.සී. කණ්ඩායමට මේ තරගයෙන් ජයක් වාර්තා කිරීමට වුව ද අවකාශ ඇත.

 සී.සී.සී. ප්‍රථම ඉනිම වෙනුවෙන් දීර්ඝ ඉනිමක් දියත් කළ අංජල බණ්ඩාරට ද්විත්ව ශතකය අහිමි වුයේ ලකුණු 10ක් අඩුවෙන් දැවීයාමෙනි. අංජල බණ්ඩාර පන්දු 243කට මුහුණ දී හතරේ පහර 21ක් සමග ලකුණු 190ක් රැස් කිරීමට සමත් වුයේ දිගු සබඳතා දෙකක් ද සමගය.

 බී.ආර්.සී. වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ සචිත්‍ර වෙල්වත්ත පන්දු 132කට මුහුණ දී හතරේ පහර දහයක් සමග ලකුණු 65ක් රැස් කළේය.

සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 478යි – (අංජල බණ්ඩාර 190, ධනංජය ද සිල්වා 82, ලසිත් කෘෘස්පුල්ලේ 51, පවන් සංදේශ් 62, ඉනුක කරන්නාගොඩ 51, කෙෂාන් විජේරත්න 103/4, චාමික හීනටිගල 62/3, මාලින්ද පුෂ්පකුමාර 160/2)

 බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 8ට 218යි – (සචිත්‍ර වෙල්වත්ත 65, චාමික හීනටිගල 62, දිනුර අබේවික්‍රම 36, සවින් ගුණසේකර 13, විශ්ව ප්‍රනාන්දු 38/3, චමිඳු විජේසිංහ 39/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee